ඔස්ට්‍රේලියාවේ JobKeeper දීමනාව අද (28/09) සිට කප්පාදු කෙරේ

The best-paid jobs for women in Australia

Source: Getty Images

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදෙන JobKeeper වැටුප් සහන දීමනාව අද සිට (28/09) සංශෝධනය වේ.

ඒ අනුව පූර්ණ කාලීන සේවකයින් සඳහා මෙතෙක් දෙසතියකට වරක් ගෙවනු ලැබූ $1500 දීමනාව අද සිට $1200 ක් දක්වා අඩු කර ඇත.

එමෙන්ම සතියකට පැය 20 කට වඩා අඩුවෙන් සේවය කරන අර්ධ කාලීන සේවකයින්ට මෙතෙක් දෙසතියකට වරක් ගෙවනු ලැබූ $1500 දීමනාව අද සිට $750 ක් දක්වා අඩු කර ඇත.

නමුත් මෙම සෞඛ්‍ය අර්බුදය තුළ ඔස්ට්‍රේලියානුවන්ට මධ්‍යම රජය නොකඩවා සහාය දෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය  Josh Frydenberg  පොරොන්දු වී තිබේ. 


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now