SKIP TO MAIN CONTENT

තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කළ යුතු බවට කම්කරු පක්ෂයෙන් යෝජනාවක්

Australian Visa
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය කප්පාදු කළ යුතු බවට ඔස්ට්‍රේලියාවේ විපක්ෂය වන කම්කරු පක්ෂය පවසයි.

පසුගිය වසරේ මැද භාගයේ පටන් මේ දක්වා ඔස්ට්‍රේලියාව තුළ මිලියන 2 කට අධික තාවකාලික වීසා ලාභීන් සිටින බව ආගමන කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පවසයි.

පසුගිය වසර කිහිපය මුළුල්ලේම සංක්‍රමණිකයින් විසින් සිදුකරන රැකියා ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට සිදු කළ හැකිව තිබූ බව ඇය පෙන්වා දෙයි.

Opposition Home Affairs spokeswoman Kristina Keneally.
Opposition Home Affairs spokeswoman Kristina Keneally. Source: AAP

මේ අතර තාවකාලික වීසා ලාභීන් පිළිබඳ කම්කරු පක්ෂයේ ස්ථාවරය විටින් විට වෙනස් වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge පැවසීය.

තාවකාලික වීසා ලාභීන් ට ද සුබසාධන දීමනා ලබා දිය යුතු බවට මීට පෙර කම්කරු පක්ෂය තර්ක කරන්නට වූ නමුත් තාවකාලික වීසා ලාභීන් කප්පාදු කරන ලෙසට දැන් ඔවුන් පවසන බව ආගමන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය Alan Tudge සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now