ඔස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳ සිදු කෙරෙන ප්‍රධාන මත විමසුමක් වන Newspoll මත විමසුමේ නවතම සමීස්ක්ෂණයට අනුව කම්කරු පක්ෂයට වඩා ලිබරල් සන්ධානය ඉදිරියෙන් සිටියි.
ලිබරල් සන්ධානයට 51% ක ජනතා මනාපයක් හිමිව ඇති අතර කම්කරු පක්ෂයට 49% ක ජනතා මනාපයක් හිමිව තිබේ.
මේ අතර ලිබරල් සන්ධානයේ මූලික ඡන්ද පදනම මෙවරත් 41% මට්ටමේ පවතින බවත් කම්කරු පක්ෂයේ මූලික ඡන්ද පදනම 33% මට්ටමේ පවතින බවත් වාර්තා වේ.
කෙසේනමුත්, ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සහ විපක්ෂ නායක Anthony Albanese යන දෙදෙනාටම තිබූ ජනතා කැමැත්ත මෙවර Newspoll මත විමසුමේදී අඩුවී ඇති අයුරුද දක්නට ලැබුණි.

