SKIP TO MAIN CONTENT

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ lockdown කාලය පෙබරවාරි 5 අවසන් වුවත් ඇතැම් කොරෝනා නීති නොකඩවා පවතින ලකුණු

Premier of Western Australia Mark McGowan speaks at the Incident Control Centre at the Mundaring Arena, Perth, on 3 February, 2021.
Premier of Western Australia Mark McGowan speaks at the Incident Control Centre at the Mundaring Arena, Perth, on 3 February, 2021. Source: AAP

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

දැනට දින 5 ක කාලයක් සඳහා ලොක්ඩවුන් කොට ඇති බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නගරය සහ ආශ්‍රිත කලාප, අද දිනයේදී (04/02) කොරෝනා ප්‍රජා සම්ප්‍රේෂණයකින් තොර සිව්වන දිනය ද වාර්තා වාර්තා කරනු ඇති බවට ප්‍රාන්ත රජය විශ්වාසය පලකොට සිටී.

කෙසේ වෙතත් හෝටල් නිරෝධායනයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකු හට බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූයේ කෙසේද යන්න පිලිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක්, මෙතෙක් බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය හෝ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කොට නොමැත.

හෙට (05/02) සවස 6 න් පසුව, දින 5 ක lockdown කාලය අවසන් වුවද, ඇතැම් කොරෝනා මර්දන නීති ක්‍රියාත්මක කෙරෙනු ඇති බව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගොවාන් පවසා සිටී.


 SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දරුණු ලැව්ගිනි

බටහිර ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති ලැව්ගිනි තත්වය හේතුවෙන් පර්ත් හි ඊසාන දෙසින් පිහිටා තිබු නිවාස 70 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තාවේ. මෙම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට බිය පලව තිබේ.

Wooroloo ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නෙන් හෙක්ටයාර් 10,000 කට ආසන්න භූමි ප්‍රමාණයක් ගිනිබත් වී තිබේ. ගිනි නිවීමේ හා හදිසි සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ක්‍රේග් වෝටර්ස් පවසන්නේ පවතින සුළං තත්වය මත ගින්න පාලනය කිරීම ඉතා අපහසු කාර්යයක්ව ඇති බවයි.

බටහිර ඕස්ට්‍රේලියාවේ හටගෙන ඇති මෙම ලැව්ගිනි වලින් පීඩාවට පත් දේපල හිමියන්ට ආපදා සහනාධාර ලබාදීමට මධ්‍යම රජය කටයුතු කටයුතු ආරම්භ කොට තිබේ. ඒ අනුව වැඩිහිටියෙකුට ඩොලර් 1000 ක් සහ දරුවෙකු සඳහා ඩොලර් 400 බැගින් එකවර ගෙවීම් ලබා දීමට කටයුතු සලසා තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now