SKIP TO MAIN CONTENT

ලෙබනනයේ බීරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක ප්‍රථිපලයක් නොවේ : ගබඩාවක තිබූ රසායනික ද්‍රව්‍ය තොගයක් නිසා ඇතිවූවක්

Lebanese firefighters work at the scene of explosion at the Beirut Port, Beirut, Lebanon, 04 August 2020.
انفجار مرفأ بيروت Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ලෙබනනයේ බීරූට් අගනුවර අඟහරුවාදා සිදු වූ දැවැන්ත පිපිරීමට හේතු වී ඇත්තේ ගබඩාවක අනාරක්ෂිත ලෙස ගොඩගසා තිබූ ඇමෝනියම් නයිට්‍රේට් තොගයක් නිසා බව වාර්තාවේ. වසර හයක් තිස්සේ ගොඩ ගසා තිබූ එම තොගයේ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2,750ක් තිබූ බවද ලෙබනන් හි ජනාධිපති Michel Aoun මේ සම්බන්ද ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේය.

ඊයේ දිනයේදී හදිසි කැබිනට් රැස්වීමක් කැඳ වූ ජනාධිපතිවරයා සති දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශ කොට තිබේ. එසේම ආපදාවෙන් ජිවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් දින 3 ක ශෝක කාලයක් ද ප්‍රකාශ කොට ඇත.

මෙම අඟහරුවාදා සිදුවුණු මෙම ප්‍රහාරයෙන් මේ වන විට වාර්තා වන ජිවිත හානි සංඛ්‍යාව 135 කි. එසේම දහසකට අධික සංඛ්‍යාවක් සිදුවීමෙන් තුවාල ලබා ඇතැයිද සඳහන්.

මෙම සිදුවීමෙන් එක් ඔස්ට්‍රේලියානුවෙකු ජිවිතක්ෂයට පත්වුණු බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් විසින් නිවේදනය කෙරින. එසේම බීරුට් අගනුවර පිහිටා ඇති ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයට දැඩි හානි සිදුව ඇතත්, කාර්ය මණ්ඩලයට සැලකියයුතු තරම් හානි සිදුව නොමැති අතර ජිවිත හානි කිසිවක් වාර්තා නොවන බවද අගමැති මොරිසන් විසින් ඊයේ දිනයේදී නිවේදනය කොට සිටියේය.

වාර්තාවන පරිදි මෙම ඛේදවාචකයට හසුව ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද තුවාල ලබා ඇත. එසේම බිරුට් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කිසිවෙකුත් ආපදාවකට ලක්ව නොමැති බවද වාර්තාවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now