Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඇමරිකානු කළු ජාතික George Floyd ගේ ගෙල පාගාගෙන සිටි පොලිස් නිලධාරියාට දීර්ඝ සිර දඩුවම් නියම වේ: අප්‍රේල් 22 දා SBS සිංහල සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අප්‍රේල් 22 වන දා බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

The Minneapolis police officer has been sentenced to 75 years in prison for the death of George Floyd
FILE - March 29, 2021 file image from video, defence attorney Eric Nelson, left, and former Minneapolis police officer Derek Chauvin Source: Court TV Pool

Highlights

  • කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ උන්නතිය සඳහා ප්‍රාන්ත නායකයින් සහ අගමැති අතර සාකච්චා
  • m-R-N-A එන්නත් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 50ක්
  • Pfizer එන්නත ලබාගැනීමෙන් පසු බ්‍රිස්බේන් හි පොලිස් නිලධාරියකුට ලේ කැටි ගැසීමේ තත්වයක්
  • බටහිර ඕස්ට්‍රේලියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල නිරෝධායන හෝටල් තුල කොරෝනා ව්‍යාප්ත වන ලකුණු
  • AstraZeneca එන්නතෙන් ශ්‍රී ලංකාවේත් මරණ 3ක්, උත්සව සමයේදී කොරෝනා අසාදිත පිරිසත් ඉහල යයි
  • George Floyd ගේ මරණය සම්බන්ධයෙන් , හිටපු පොලිස් නිලධාරියාට වසර 75ක සිර දඩුවම්
  • ඉන්දුනීසියාවේ නාවික හමුදා සබ්මැරීනයක් අතුරුදන් වේ
  • ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ඊයේ මහනුවර පල්ලෙකැලේදී ඇරඹේ

 කොරෝනා එන්නත් වැඩපිළිවෙලේ උන්නතිය සඳහා ප්‍රාන්ත නායකයින් සහ අගමැති අතර සාකච්චා

අද(22) ජාතික කැබිනට් හමුවේදී ඔස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත්කරන වැඩසටහන සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂා කිරීම් සිදුව ඇති අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සහ ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත නායකයින් අතර හමුවක්ද සිදුව තිබේ.

වයස අවුරුදු 50 ට වැඩි ඕස්ට්‍රේලියානුවන් සඳහා කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන් සහ ප්‍රාන්ත තුල එන්නත් කිරීම සඳහා වන විශාල මධ්‍යස්ථාන පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයක් යොමුව තිබේ.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ 3ක වයස අවුරුදු 70ට ඉහල පිරිස සඳහා එන්නත් ලබාදීමේ අරමුණින් විශාල එන්නත් කරන මධ්‍යස්ථාන විවුර්ත කොට ඇති අතර අභියෝග පැවතියද මෙම එන්නත්කරන වැඩසටහන තවත් පුළුල් කිරීමට තමන් සැලසුම් කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටී.

මේ අතර සමස්ත ඕස්ට්‍රේලියාව තුල ආබාධිත සත්කාරක මධ්‍යස්ථාන සාමාජිකයින්ගෙන් 6.5% කට පමණක් මේ වනවිට කොරෝනා එන්නත් ලබාදීම සිදුව ඇති බවට පරීක්ෂණයක් මගින් අනාවරණය වී තිබේ.

ඕස්ට්‍රේලියාවේ මන්දගාමී එන්නත්කරන වැඩසටහන සහ එන්නත් සැපයුම් හිඟය පිළිබඳ සඳහන් කරමින් කම්කරු පක්ෂ සාමාජික Mark Butler සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු රජයට සිය ඉලක්ක මගහැරී ඇති බවයි.

එමෙන්ම පාස්කු සමය වන විට වයස්ගත හා ආබාධිත සත්කාර සාමාජිකයින් සඳහා එන්නත් ලබාදීම අවසන් කරන බවට ඕස්ට්‍රේලියානු රජය පොරොන්දු වුවද විශේෂයෙන්ම එම ඉලක්කය සැපිරීමට නොහැකි වීම කම්පනයක් ගෙන දෙන කරුණක් වන බවද ඔහු සඳහන් කොට සිටී.

m-R-N-A එන්නත් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඩොලර් මිලියන 50ක්

m-R-N-A එන්නත් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 50ක් ආයෝජනය කරන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කොට සිටී.

මේ අනුව Pfizer සහ Moderna යන එන්නත් ඔස්ට්‍රේලියාව තුල නිෂ්පාදනය කිරීමට හැකියාව හිමි වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම තීරණය අගය කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටියේ එන්නත්කරන වැඩසටහන සම්බන්ධයෙන් තවදුරටත් හැකි සෑම දෙයක්ම සිදු කරන බවයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල AstraZeneca එන්නත පමණක් නිෂ්පාදනය කිරීම සිදු වේ.

Pfizer එන්නත ලබාගැනීමෙන් පසු බ්‍රිස්බේන් හි පොලිස් නිලධාරියකුට ලේ කැටි ගැසීමේ තත්වයක්

කොරෝනා වෛරසය සඳහා Pfizer එන්නත ලබාගැනීමෙන් දින 3කට පසු බ්‍රිස්බේන් හි පොලිස් නිලධාරියකුට ලේ කැටි ගැසීමේ තත්වයක් මතුව තිබේ. මෙම පොලිස් නිලධාරියා මේ වනවිට බ්‍රිස්බේන් හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

ක්වීන්ස්ලන්ත සෞඛ්‍ය සහ චිකිත්සක පරිපාලන ආයතනය මගින් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් සිටී.

මෙය Pfizer එන්නත හේතුවෙන් වූ සිදුවීමක්ද යන්න කීමට තවමත් කල් වැඩි බව සඳහන් කරන ප්‍රාන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Steven Miles පෙන්වා දෙන්නේ මෙවැනි කරුණකදී ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කිරීමට තරම් වෛද්‍ය කණ්ඩායම් දක්ෂ අතර ජනතාව විශ්වාසයෙන් යුතුව සිටිය යුතු බවයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයින් 3 දෙනෙකු හට ලේ කැටිගැසීම් වාර්තා වී ඇති අතර එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බටහිර ඕස්ට්‍රේලියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල නිරෝධායන හෝටල් තුල කොරෝනා ව්‍යාප්ත වන ලකුණු

බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් හි හෝටල් නිරෝධායනයේ සිටි සංචාරකයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

මොවුනට ඕස්ට්‍රේලියාවෙන් පිටතදී කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට බටහිර ඕස්ට්‍රේලියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලද මෙම පුද්ගලයින් දෙදෙනා හටම එකම ජානමය අනුක්‍රමයකින් යුතු වෛරස ප්‍රබේදයක් පැවතීම මත/ හෝටලය තුලදී මොවුනට වෛරසය වැළදෙන්නට ඇති බවට විශ්වාස කෙරේ.

මොවුන් දෙදෙනා දින දෙකක් තුල රටවල් දෙකක සිට පැමිණ තිබීම මෙම නිගමනයට ප්‍රධාන වී තිබේ.

මෙම සිදුවීමත් සමග පර්ත් හි Mercure හෝටලයේ සිට සිය නිරෝධායන කාලය අවසන්ව මෑතකදී පිටව ගිය පිරිසට නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

මේ අතර සිඩ්නි හි Mercure හෝටලයේ ද මෙවැනිම සිදුවෙමක් පිළිබඳව පරීක්ෂණ අරඹා තිබේ.

එම හෝටලයේ නිරෝධායනය වන පුද්ගලයින් 3 දෙනෙකු හට එකම ජානමය අනුක්‍රමයකින් යුතු වෛරස ප්‍රබේදයක් වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ.

මෙම පුද්ගලයින් අප්‍රේල් මස 3 වැනිදා ඔස්ට්‍රේලියවට පැමිණ ඇති අතර මේ වනවිට මොවුන් විශේෂ සෞඛ්‍ය නවාතැන් සඳහා යොමු කොට තිබේ.

අප්‍රේල් 7වැනිදා සිට 12 වැනිදා දක්වා මෙම හෝටලයේ 10 වැනි මහලේ නැවතී නිරෝධායනය වූ පිරිස සඳහා නැවතත් නිරෝධායනය වන ලෙස NSW Health සඳහන් කොට සිටී.

AstraZeneca එන්නතෙන් ශ්‍රී ලංකාවේත් මරණ 3ක්, උත්සව සමයේදී කොරෝනා අසාදිත පිරිසත් ඉහල යයි

ඊය් (21) දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 500කු ඉක්මවා වාර්තා වී ඇති අතර මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු එක් දිනකදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංක්‍යාව ලෙස වාර්තා වේ. මේ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වනවිට හමු වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 97,833 ක්.

එමෙන්ම ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංක්‍යාව 630 දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර , AstraZeneca - Covishelid එන්නත ලබාගත් පුද්ගලයින් 3 දෙනෙකු රුධිරය කැටිගැසීම මගින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ශ්‍රී ලංකා සෞක්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කොට තිබේ. එමෙන්ම මෙම එන්නත මගින් රුධිරය කැටි ගැසීමට ලක්වූ බවට වන සිදුවීම් 6ක් වාර්තා වී ඇති බවද සඳහන් කොට තිබේ.

අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම එන්නත මගින් පමණක් නොව ඕනෑම එන්නතක් මගින් සංකූලතා මතුවීමේ අවධානමක් පවතින නමුත් AstraZeneca එන්නත ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කොට ඇති බවයි.

එමෙන්ම, කොළඹ රාජ්‍ය බැංකුවකින් පසුගියදා හඳුනාගත් ආසාදිතයින් අතර පැතිර යන කොරෝනා වෛරස ප්‍රබේදය නව කොරෝනා වෛරස ප්‍රබේදයක් විය හැකි බවත් ශ්‍රී ලංකාව තුල මේ වනවිට උද්ගතව ඇති තත්වය හමුවේ ඉදිරි සති කිහිපය වඩාත් තීරණාත්මක සහ අවදානම් සහිත කාලයක් වන බවත් ශ්‍රී ලංකා සෞක්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කොට සිටී.

George Floyd ගේ මරණය සම්බන්ධයෙන් , හිටපු පොලිස් නිලධාරියාට වසර 75ක සිර දඩුවම්

පසුගිය වසරේ මැයි මසදී පොලිස් අත්අඩංගුවට ගැනීමකදී ජීවිතක්ෂයට පත් වූ කළු ජාතික තරුණයකු වූ George Floyd ගේ මරණය සම්බන්ධයෙන් Minneapolis පොලිසියේ නිලධාරියකු වශයෙන් එවකට සේවය කල Derek Chauvin

වරදකරු බවට පත්ව තිබේ.

පැය 11ක පමණ කාලයක් ජූරි සභාව මගින් සිදු කල සාකච්චා වලින් අනතුරුව ඔහුට,

  • නොදැනුවත්ව සිදු වූ දෙවන ගනයේ මිනීමැරුමක් සම්බන්ධයෙන් වසර 40ක් 
  • තුන් වන ගනයේ මිනීමැරුමක් සම්බන්ධයෙන් වසර 25ක් සහ 
  • දෙවන ගනයේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වසර 10ක් සඳහා සිරදඩුවම් නියම කොට තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති Joe Biden සඳහන් කොට සිටින්නේ කිසිවෙකුත් නීතියට ඉහලින් නොසිටිය යුතු අතර වර්ණ බේදයකින් තොරව සැමටම එකම නීතිය ක්‍රියාත්මක වන බව මෙමගින් ඔප්පු වන බවයි.

ඉන්දුනීසියාවේ නාවික හමුදා සබ්මැරීනයක් අතුරුදන් වේ

ඉන්දුනීසියාවේ බාලි නගරයට උතුරින් පිහිටි ප්‍රදේශයකදී නාවික හමුදා කාර්යමණ්ඩල සාමාජිකයින් 53 දෙනෙකු සමග සබ්මැරීනයක් අතුරුදන් වී තිබේ.

මෙම සබ්මැරීනය සෙවීම් කටයුතු මේ වනවිට සිදු කෙරෙන අතර ඉන්දුනීසියාව මේ සඳහා සිංගප්පුරුවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් උපකාර ඉල්ලා තිබේ.

පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටින අතරතුර මෙම සබ්මැරීනය අතුරුදන්ව ඇති අතර මේ වනවිට පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ඉන්දුනීසියානු හමුදා ප්‍රධානී සඳහන් කොට සිටී

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ඊයේ මහනුවර පල්ලෙකැලේදී ඇරඹේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ඊයේ මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ විය.

තරඟයේ පළමු දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 302ක් රැස්කර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල , එම කණ්ඩායම් මුළු ලකුණු ගණන 8ක්ව තිබියදී හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ.

අනතුරුව තමීම් ඉක්බාල් සමග පිටියේ එක්වූ නජ්මුල් හොසේන් ෂන්ටෝ, දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 144ක් එක් කළේය.

පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු ලකුණු 61ට කඩුලු 2ක් ලබාගැනීමට සමත්ව තිබේ.

පහත ලින්ක් එකෙන් අද වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දිය හැකියි  


7 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now