SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ පාසල් විවෘත කිරීම සහ ඒවායේ කටයුතු සිදු කිරීම පිළිබඳ තීරණය කිරීමට ප්‍රාන්ත රජයන්ට බලය පැවරේ

Representational picture of students going to school in Australia.
Representational picture of students going to school in Australia. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය පවතින කාලයේදී පාසල් විවෘත කිරීම සහ ඒවායේ කටයුතු සිදු කිරීම පිළිබඳ තීරණය කිරීමට සහ එම තීන්දු ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්ට අවස්ථාව ඇති බව මධ්‍යම රජය පවසයි.

ඊයේ (16/04) පැවති ජාතික කැබිනට් රැස්වීමේදී මේ සඳහා අනුමැතිය හිමිවූ බව වාර්තා වේ.

මෙම කොරෝනා වසංගතය පවතින කාලයේදී ඔස්ට්‍රේලියාවේ පාසල් වල කටයුතු සිදු කිරීම මූල ධර්ම 7 ක් මත සිදුවිය යුතු බවට ඊයේ  පැවති ජාතික කැබිනට් රැස්වීමේදී එකඟ වී තිබේ.

ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් සඳහා තම පැමිණීම පාසල වෙත ලබා දීමට සෑම සිසුවෙකුගේම වගකීම බව එහි එක් මූලධර්මයක් විය.

නමුත් එහිදී ගුරුවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ද අවශ්‍ය පියවර ගන්නා බවට සාකච්ඡා වී තිබේ.

කොරෝනා වයිරසය හමුවේ පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට ඇත්තේ පැතිකඩයන් දෙකක දැක්මක් බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now