2023 සැප්තැම්බර් 01 වැනිදා සිට, ඔස්ට්‍රේලියාවේ ඇතැම් සාමාන්‍ය ඖෂධ නියම කර බෙදා හරින ආකාරයෙහි සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක වීම ආරම්භ විය.
ඒ අනුව ඔබට තනි බෙහෙත් වට්ටෝරුවකින් (single prescription) දින 60ක් සඳහා ඔබේ සාමාන්‍ය ඖෂධ ඔසුසැල්වලින් ලබාගත හැකිවේ.
මෙතෙක් කලක් දිගු කාලීනව ගත යුතු ඖෂධ ලබා ගත හැකි වූයේ එක් වරකට දින 30ක කාලයක් සඳහා පමණි. එබැවින් ඇතැම් රෝගීන් සඳහා මෙම ඖෂධවල මිල ඵලදායී ලෙස අඩකින් අඩු විය හැකිය.
ඔබට ඖෂධ වට්ටෝරුවක් ලබා ගැනීම සඳහා වෛද්‍යවරයා වෙත යාමේ වාර ගණනද මේ නිසා අඩුවන අතර ඖෂධ ලබාගැනීම සඳහා ඔසුසැල්වලට යාමේ වාර ගණනද අඩු වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
නමුත් සෑම ඖෂධයක්ම දින 60කට ලබා ගැනීම සඳහා තවමත් සුදුසුකම් ලබා නොමැති අතර සෑම කෙනෙකුටම දින 60ක් වටිනා ඖෂධ වරකට නියම කර නොමැත.
එම වෙනස්කම් මෙම ලිපියෙන් පැහැදිලි කර ඇත.
දින 60 ක් සඳහා ඖෂධ වට්ටෝරුවක් සැමටම ලබා ගත හැකිද?
ඔබට දැනට පවතින බෙහෙත් වට්ටෝරුවක් තිබේ නම්, ඔබ අලුත් එකක් ලබා ගැනීමට පෙර මෙම බෙහෙත් වට්ටෝරුව භාවිතා කළ යුතුය.
දින 60 ක් සඳහා ඖෂධ ලබා දෙන බෙහෙත් වට්ටෝරුවක් සඳහා සුදුසුකම් ලැබීමට ඔබේ ඖෂධ අදාළ අනුමත ලැයිස්තුවේ තිබිය යුතුය.
ඔබ ඒ සඳහා සුදුසුද යන්න ඔබේ වෛද්‍යවරයා තක්සේරු කළ යුතු අතර ඖෂධ නාස්තිය වළක්වා ගැනීම එහි අරමුණ වේ.
ඔබේ වෛද්‍යවරයා ඔබට වරකට දින 60 කට වලංගු ඖෂධ සඳහා “repeat” බෙහෙත් වට්ටෝරු ලබා දිය හැක.
නව නීති යටතේ, මාස 12ක ඖෂධ සැපයීම (මුල් වට්ටෝරුව සහ තවත් වට්ටෝරුව පහක්) මෙයින් අදහස් කෙරේ.
සෑම දින 60 කට වරක් ඔබේ ඖෂධය නිකුත් කරන විට මෙම එක් එක් repeat වට්ටෝරුව සඳහා ඔබට ගෙවීමට සිදුවේ.

Not all your medicines may be affected by the changes. Source: The Conversation / Laurynas Mereckas/Unsplash
ඔබේ ඖෂධත් මේ ලැයිස්තුවේ තිබේද?
මෙය අදියර තුනකින් ක්‍රියාත්මක වේ.
2023 සැප්තැම්බර් 01 දින ආරම්භ වූ පළමු අදියර යටතේ හෘද වාහිනී රෝග (හෘද රෝග සහ ආඝාතය වැනි), හෘදයාබාධ, අධික කොලෙස්ටරෝල්, රක්තවාතය, ඔස්ටියෝපොරෝසිස් සහ බඩවැලේ තත්වයන් Crohn's රෝගය සහ ulcerative colitis සඳහා අදාළ ඖෂධ ඇතුළත් වේ.
කොලෙස්ටරෝල් අඩු කිරීම සඳහා atorvastatin සහ රුධිර පීඩනය අඩු කිරීම සඳහා perindopril වැනි ඔස්ට්‍රේලියාවේ නිර්දේශිත වඩාත් සුලභ ඖෂධ කිහිපයක් මෙයට ඇතුළත් වේ.
ඉදිරි මාස 12 තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඊළඟ අදියරවලට දියවැඩියාව, අපස්මාරය, ග්ලුකෝමා, ඇදුම සහ පාකින්සන් රෝගය සඳහා ඖෂධ ඇතුළත් වේ.
මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වූ විට, Pharmaceutical Benefits Scheme (PBS) හරහා ලබා ගත හැකි ඖෂධ 300කට වඩා මෙය බලපානු ඇත.
දින 60 ක් සඳහා එකවර ලබා ගත නොහැකි ඖෂධ කෙටි කාලීන භාවිතය සඳහා පමණක් වන අතර අධික ලෙස භාවිතා කිරීමේ අවදානමක් ඇති බව හඳුනාගත් ඖෂධ වේ.
ඒවාට වේදනා නාශක සහ මානසික සෞඛ්‍ය තත්ත්වයන් සඳහා වන ඇතැම් ඖෂධ ඇතුළත් වේ.

The changes are meant to make medicines more affordable. Source: The Conversation / Shutterstock
මේ හරහා මුදල් ඉතිරියක් සිදුවේද?
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම වෙනස්කම් සිදුකර ඇත්තේ ප්‍රධාන වශයෙන්ම ඖෂධ අඩු මිලට ලබා දීම සඳහාය.
PBS වට්ටෝරුවක් සඳහා ඔබ ඔසුසැලට ගෙවන උපරිම මුදලමෙහිදී වෙනස් නොවේ.
එය තවමත් concession කාඩ්පත් හිමියන් සඳහා ඩොලර් 7.30 ක් සහ concession කාඩ්පත් හිමියන් නොවන අය සඳහා ඩොලර් 30 කි.
නමුත් දින 60ක් සඳහා ඖෂධ ගැනීම මගින් ඔබෙන් මෙය අය කරනු ලබන්නේ සෑම මසකම වෙනුවට සෑම මාස දෙකකට වරක් පමණි.
නමුත් සෑම කෙනෙකුටම දින 60 ක බෙහෙත් වට්ටෝරුවකින් මුදල් ඉතිරි කරගත නොහැකිය.
ඇතැම් අවස්ථාවලදී ඔබේ ඔසු සැල දැනටමත් ඔබේ ඖෂධයට වට්ටමක් ලබා දී තිබීම ඊට හේතුව වේ. දින 60 ක සැපයුම සඳහා මිල ඩොලර් 30 ට වඩා නොගන්නේ නම්, ඔබට එකක මිල සඳහා වට්ටෝරු දෙකක් නොලැබෙනු ඇත.