SKIP TO MAIN CONTENT

වර්ගවාදයට විරුද්ධව නැගී සිටීම දැනුවත් කිරීමේ නව ව්‍යාපාරයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් අරඹයි

NSW Attorney-General Mark Speakman/A screenshot of a poster from the state government's anti-racism campaign
NSW Attorney-General Mark Speakman/A screenshot of a poster from the state government's anti-racism campaign Source: SBS News

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Anti-racism හෙවත් වර්ගවාදයට විරුද්ධව නැගී සිටීම දැනුවත් කිරීමේ නව ව්‍යාපාරයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් එළිදක්වා තිබේ.

වර්ගවාදී ක්‍රියා වල ගොදුරු බවට පත්වූ පුද්ගලයින්ට තම අයිතීන් පිළිබඳ අවබෝධ කිරීම සඳහා සහය වීම මේ හරහා සිදු කෙරෙනු ඇත.

Stop Public Threats නමින් හැඳින්වෙන මෙම ව්‍යාපාරය ඊයේ (25/05)  සිට ආරම්භ කෙරිණි.

පුද්ගලයෙකුගේ ජාතිය, ආගම, ස්ත්‍රී - පුරුෂ භාවය හෝ ලිංගිකත්වය මත එම පුද්ගලයාව අපහසුතාවට පත් කරමින් සහාසික ක්‍රියා වචනයෙන් හෝ ක්‍රියාවෙන් සිදු කිරීම අපරාධ ගනයේ වැරැද්දක් බව මෙම නව ව්‍යාපාරය හරහා දැනුවත් කෙරේ.

2018 වසරේ දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හඳුන්වා දුන් නීතියට අනුව එවැනි ක්‍රියාවකට වැරදිකරුවෙකු වුවහොත් ඔහුට හෝ ඇයට වසර 3 ක් දක්වා වූ සිර දඬුවම් නියම කළ හැකිය.

කොරෝනා වසංගතයත් සමග මෙම වර්ගවාදී ක්‍රියාවල වැඩිවීමක් දක්නට ලැබෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නීතිපති Mark Speakman පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now