SKIP TO MAIN CONTENT

Northern Territory තුළ පැනවූ ඇතැම් කොරෝනා නීති ලිහිල් කිරීමට පියවර

social distancing
social distancing Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් Northern Territory තුළ පනවා ඇති ඇතැම් නීති ලිහිල් කිරීමට Northern Territory රජය සූදානම් බව වාර්තා වේ.

ඒ අනුව Northern Territory තුළ ඇති ජාතික වනෝද්‍යාන සහ රක්ෂිත විවෘත කිරීමට පියවරගෙන තිබේ.

ඊට අමතරව එළඹෙන සිකුරාදා (01/05) මධ්‍යහන 12 සිට Northern Territory වාසීන්ට පිහිනීමේ කටයුතු සඳහා මෙන්ම Territory රජය සතු උද්‍යාන වල camping යාමට අවස්ථාව ලැබෙනු ඇත.

නමුත් පුද්ගල දුරස්ථභාවය සහ සනීපාරක්ෂක ක්‍රියා දිගින් දිගටම අනුගමනය කළ යුතු බව Northern Territory රජය  අවධාරණය කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමීමට බල කෙරුණු ව්‍යාපාර ද සති කිහිපයකින් යළි විවෘත කිරීමට අවසර ලබාදීමට සූදානම් බව Northern Territory රජයේ ප්‍රධාන අමාත්‍ය Michael Gunner පවසයි.

ඔස්ට්‍රේලියාව තුළ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුනු සහ කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවුණු ප්‍රාන්තය ලෙස Northern Territory හැඳින්වේ.

මේ වන විට එහි කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන පිරිස පස් දෙනෙකු බව සඳහන්.

Northern Territory තුළ කොරෝනා වසංගතය මැඩලීමට සහය දුන් එහි ජනතාවට Northern Territory රජයේ ප්‍රධාන අමාත්‍ය Michael Gunner සිය ස්තුතිය පළ කර සිටියේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now