SKIP TO MAIN CONTENT

කොරෝනා නීති මැයි 15 සිට තවත් ලිහිල් කිරීමට Northern Territory රජය පියවර ගනී

Darwin
Darwin residents lapped up the return to normality as the Northern Territory eased coronavirus restrictions Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

තම ටෙරිටරිය තුළ කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීම සඳහා පනවා තිබූ නීති අද සිට (15/05) තවත් ලිහිල් කිරීමට Northern Territory රජය පියවර ගනී.

ඒ අනුව Northern Territory තුළ ක්‍රියාත්මක අවන්හල්, ආපන ශාලා, තැබෑරුම් අද සිට යළි විවෘත කිරීමට අවස්ථාව ලැබේ.

ඊට අමතරව රූප ලාවන්‍යාගාර, පුස්තකාල, කායර්වධන මධ්‍යස්ථාන සහ ආගමික ස්ථාන ද අද සිට විවෘත කිරීමට Northern Territory රජය අවසර ලබාදී ඇත.

එමෙන්ම පුද්ගල ස්පර්ශයක් නොමැති ක්‍රීඩා පුහුණුවීම් අභ්‍යන්තරව පැය දෙකක උපරිම කාලයකට යටත්ව සිදු කිරීමටද අවසර ලැබේ.

Northern Territory තුළ ක්‍රියාත්මක ව්‍යාපාර 1000 කට අධික සංඛ්‍යාවක් කොරෝනා වයිරසය පැතිරීම වැළක්වීමේ සැලසුමට අනුව යළි තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අත්සන් තබා එකඟ වී ඇති බව Northern Territory රජයේ සෞඛ්‍ය ඇමතිනී Natasha Fyles පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now