Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 37,625 දක්වා ඉහලට

Corona virus

Corona virus Source: Pixabay

පසුගිය පැය 24ක කාලය තුල ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාදිතයින් 364 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා අසදිතයින්ගේ සංක්‍යාව 37,625 ක් දක්වා ඉහල ගොස් තිබේ. එමෙන්ම ඊයේ වාර්තා වී ඇති පුද්ගල මරණ 5ක් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංක්‍යාව 176 දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර බස්නාහිර පළාතේ සහ සෙසු හුදකලා ඇති ප්‍රදේශයන් වල හැර සෙසු ප්‍රදේශ වල ප්‍රථමික පාසල් එළඹෙන ජනවාරි මස 11 වැනිදා යලි විවුර්ත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටී. අධ්‍යාපන අමාත්‍ය G L පීරිස් මහතා සඳහන් කොට සිටියේ මෙම තීරණ සියල්ලක්ම සෞඛ්‍ය බලධාරීන්ගේ සහ විශේෂඥයින්ගේ උපදෙස් වලට අනුව සිදු කරන බවයි. එමෙන්ම මේ වනවිට හුදකලා තත්වයට පත් කොට ඇති ප්‍රදේශ පිළිබඳවද සෑම දින 10කට වරක් පරීක්ෂා කරන අතර එම ප්‍රදේශ පිළිබඳවද තීරණයක් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.


1 min read

Published


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now