SKIP TO MAIN CONTENT

ඊසාන දිග පර්ත් කලාපයේ ලැව් ගිනි හේතුවෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 81 ක දක්වා ඉහළට

bush fire
The number of homes destroyed by an out-of-control bushfire burning in Perth's northeast has risen to 81 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඊසාන දිග පර්ත් කලාපයේ ඇතිවී ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් මේ වන විට විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 81 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයින් 5 වන දිනටත් උත්සහ දැරූ අතර තද සුළං මගින් මගින් එම උත්සාහය ව්‍යර්ථ විය.

මෙම ලැව් ගින්න Perth Hills කලාපයේ වැසියන්ට දිගින් දිගටම බලපා ඇති අතර තමන්ගේ නිවෙස්වලට සිදුවී ඇති හානිය පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ නැවත පැමිණීම ද වළක්වා තිබේ.

දැනට ඇති තත්වයන් පාලනය කිරීම ඉතා අපහසු වන බව ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් Craig Waters පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now