SKIP TO MAIN CONTENT

නවසීලන්තයේ Whakaari ගිණිකන්ද පුපුරා යාමෙන් ජිවිතක්ෂයට පත්වුණු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළට

Whakaari volcanic eruption
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

නවසීලන්තයේ වයිට් දුපතෙහි පිහිටි Whakaari ගිණිකන්ද පුපුරා යාමෙන් ජිවිතක්ෂයට පත්වුණු සංඛ්‍යාව 8 ක් දක්වා ඉහල යයි.

සිදුවීමෙන් තුවාල ලබා ඕක්ලන්ඩ් හි හැමිල්ටන් රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණු බව පොලීසිය වාර්තා කිරීමත් සමඟ මිට පෙර 6 ක් ලෙසට වර්තවුණු ජිවිතක්ෂයට පත්වුණු පුද්ගල සංඛ්‍යාව 8 දක්වා ඉහල නැග තිබේ.

ජිවිතක්ෂයට පත්වුණු හෝ අතුරුදන් ව ඇති ඕස්ට්‍රේලියානුවන් ලෙසට මේ වන විට හඳුනාගෙන ඇත්තේ ඇඩිලේඩ් හි Gavin Dallow සහ දියණිය Zoe Hosking, බ්‍රිස්බේන්හි මවක සහ දියණියක වන ජුලි සහ ජෙසිකා, සිඩ්නි හි මැතිව් සහ බෙරෙන්ඩ් හොලැන්ඩර් යන සොහොයුරන් සහ කොෆ් හාබර් හි මිතුරන් වන ජේසන් ග්‍රිෆිත් , කාලා මැතිව්ස් සහ රිචර්ඩ් එල්සර් යන අයයවලුන් වේ.

සිදුවීමෙන් තුවාල ලැබූ ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු මේ වන විට නවසීලන්තයේ සිට වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් මෙරටට රැගෙන විත් තිබේ.ආපදාවට පත් අනෙකුත් පුද්ගලයින් අද සහ හෙට යන දෙදින තුලදී මෙරටට රැගෙන ඒමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now