SKIP TO MAIN CONTENT

මෙල්බර්න් නුවර පැවැත්වීමට නියමිත "Black Lives Matter" උද්ඝෝෂණයට සහභාගී වීම පිළිබඳව දෙවරක් සිතන ලෙසට වික්ටෝරියානු පොලීසියෙන් පණිවිඩයක්

The Black Lives Matter movement has garnered a huge level of support all around the world.
The police command in Victoria is urging people to think twice about attending a Black Lives Matter demonstration this weekend Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

මෙල්බර්න් නුවර මෙම සති අන්තයේ දී පැවැත්වීමට නියමිත "Black Lives Matter" උද්ඝෝෂණයට සහභාගී වීම පිළිබඳව දෙවරක් සිතා බලන ලෙස වික්ටෝරියා හි පොලිස් අණදෙන නිලධාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය තුළ ඇති වී ඇති සිවිල් නොසන්සුන්තාවයට ප්‍රතිචාර වශයෙන්, රටවල් ගණනාවක මේ වන විට, වර්ගවාදයට එරෙහිව විරෝධතා පැවැත්වේ. පර්ත් සහ සිඩ්නි යන ප්‍රාන්ත අගනුවර වල මේ වනවිටත් මේ වෙනුවෙන් වන උද්ඝෝෂණ පැවැත්විණ .

ඒ අනුව යමින් මේ සති අන්තයේදී මෙල්බර්න් හිදීද උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි. වික්ටෝරියා ප්‍රාන්ත සහකාර පොලිස් කොමසාරිස් ලූක් කොර්නේලියස් පවසන්නේ, මෙවැනි උද්ඝෝෂණ වලට සහභාගී වීමේදී කොරෝනා වෛරස අසාදනය වැලක්වීමට පනවා ඇති සමාජ දුරස්ථ භාවය පිලිබඳ වන නීති උල්ලංඝනය වීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක ගැන ජනතාව සිතා බැලිය යුතු බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now