බ්‍රිතාන්‍යයේ Coexist නම් සමාගම විසින් ලෝකයේ ප්‍රථම වරට සිය සේවිකාවන්ගේ ඔසප් වීම නිසා ඇති වෙන අපහසුතා සඳහා නිවාඩු ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම සමාගම විසින් එම සේවිකාවන් සමග සාකච්චා කොට ඔවුන්ට අවශ්‍ය දින වල මෙසේ නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.මෙම නිවාඩු Period Leave, Menstrual leave යනුවෙන් හඳුන්වනවා.
වාර්තා වන අන්දමට කාන්තාවන් තවමත් රැකියා ස්තානයෙදී ඔසප් වීම පිළිබඳව කතා කිරීමට ඇති අකමැත්ත නිසා නිහඬව පීඩා විඳිනවා. ඔස්ට්‍රේලියාව තුල කාන්තා ශ්‍රමිකයන් ගෙන් 4න් 1ක් පමණ මෙම අපහසුතා නිසා එම දින වලදී රැකියාවට නොයා සිටිනවා. එසේම රැකියා ස්ථානය , පාසල් ආදී ස්ථාන වලදී කාන්තාවන් සිය සනීපාරක්ෂක උපකරණ සඟවා තැබීමට උත්සාහ කරන අතර ශාරීරික වේදනා ඇති වන නමුදු එය ඔසප් වීම නිසා සිදුවන බවට කිසිවෙකුට (විශේෂයෙන් පිරිමි සේවකයන්ට හෝ ප්‍රධානීන්ට) කීමට ලැජ්ජාව නිසා තනිවම පීඩා විඳින බවටත් සමීක්ෂණයකදී කාන්තාවන් ප්‍රකාශ කර තිබෙනවා.

Coexist හි විධායක නිලධාරී Bex Baxter පවසන්නේ ඔහු බොහෝ විට ඒසේ කාන්තා නිලධාරිනියන් අපහසුවෙන් සිටීන බව දුටුවත් ඔවුන් තමන් රෝගී ලෙස නොසලකන නිසා නිවාඩු ලබා නොගන්න බවට පවසනවා,
එසේම බොහෝ කාන්තාවන්ම එම වේදනා සිය ජීවිතයේ ස්වාභාවික තත්වයන් යයි සැලකීමට පෙලබෙන නිසා එය නිහඬව වින්ද දරා ගැනීමට පෙලබෙනවා. නමුත් සමහර පවසන්නේ කාන්තාවන් එසේ දැඩි අපහසුතාවට ලක් වේ නම් ඔවුන්ගේ සාමාන්‍ය ලෙඩ නිවාඩු ලබා ගත යුතු බවයි. නමුත් සමහර කාන්තාවන්ට සැම මසකම මෙසේ අධික ශාරීරික අපහසුත වේ නම් එසේ සැම මසකම නිවාඩු ලබා ගත හැකිද යන ගැටලුවත් මතු වෙනවා. එසේම කාන්තාවන්ට එය අසාධාරණයක් ලෙසත් සලකන්නට පුළුවන්.
මේ හේතුව නිසා Coexist ආයතනය සිය කාන්තා සේවකයන්ට ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමටත් සේවා යෝජක සහ සේවක දෙපාර්ශ්වයටම වාසි වන ලෙස මෙම ඔසප් නිවාඩු ලබා දීමට තීරනය කොට තිබේ.
ඉතින් බොහෝ දෙන පවසන්නේ මෙම Coexist විසින් ආරම්භ කල ක්රියාමාර්ඝය නිසා කාන්තාවන්ට ඔසප් වීම නිසා ඇතිවන ගැටළු සැඟවීමට සිදුවීමත් , එම අපහසුත නිසා රැකියාව හරි හැටි කිරීමට නොහැකි වීමත් යන ගතානුගතික අදහස් දෙස නව කෝණයකින් බැලීමට පෙළඹවීමක් ඇතිව කන්න්තාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට දොරටු විවර වනු ඇති බවයි.

