SKIP TO MAIN CONTENT

අතුරුදන් කිරීම් වැළැක්වීම් පනත අනාගතයට පමණක් බලපාන බව ට මංගල ගෙන් ප්‍රකාශයක්.

Sri Lanka Politics
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

අතුරුදන් කිරීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත අනාගතයට පමණක් බලපාන කෙටුම්පතක් වන බවත්, අතීතයට කිසිදු ආකාරයක බලපෑමක් එමගින් සිදුනොවන බවත්, ශ්‍රී ලංකාවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වූයේ මෙරට උපදින සහ ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුම බලහත්කාරී පැහැර ගැනීමකට, අතුරුදන් කිරීමකට හෝ අයුතු සිරගත කිරීමකට ගොදුරු නොවී ජීවත් වීමේ නිදහස ස්ථාපිත කිරීම බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේය.

2015 වසරේ දෙසැම්බර් 10 වන දා ශ්‍රී ලංකාව විසින් බලහත්කාරී අතුරුදන් කිරීම්වලින් සියළු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කරනු ලැබීය.

එමෙන්ම 2016 වසරේ මැයි 25 වන දා එය රජය විසින් අනුමත කරන ලද බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙවැනි කෙටුම්පතක් හරහා සුදු වෑන් සංස්කෘතියටත් රාජ්‍ය අනුග්‍රහයෙන් විරුද්ධවාදීන් අතුරුදන් කිරීමේ, පැහැර ගැනීමේ කලාවටත් සදහටම නැවතීමේ තිත තැබිය හැකි බව ද ඔහු සිය නිවේදනය මගින් තවදුරටත් පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now