ඇමරිකාව සමග එක්ව කොරෝනා මර්දනය කරන බව ඔස්ට්‍රේලියානු අගමැති පවසයි

During their first phone call since Mr Biden's election win, Prime Minister Scott Morrison and the President-elect discussed challenges ahead

Source: AAP

ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරණයෙන් ජයගත් Joe Biden හට සහ Kamala Harris හට සිය සුබපැතුම් එක් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කරන්නේ ඇමරිකාව සමග එක්ව කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අපේක්ෂා කරන බවයි.

මේ වනවිට සමස්ත ලෝකයම මෙම අභියෝගයට මුහුණ දී ඇති අතර COVID-19 එන්නත සහ ගෝලීය ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව Joe Biden සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බව ඔහු පවසයි.

ඇමරිකානු ජනතාවට සුබපතන අතර, සමාන අදහස් ඇත්තන් වශයෙන් ජනතාවට සිය අනාගතය විශ්වාසයෙන් යුතුව සැලසුම් කිරීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම අපේක්ෂාව වන බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.

මේ අතර ඇමරිකා ජනපතිවරණයෙන් තේරී පත් වූ Joe Biden තමන් කෙරෙහි විශ්වාසය තැබූ අප්‍රිකානු-ඇමරිකානු චන්ද දායකයින්ට සිය ස්තුතිය පලකොට ඇති අතර බෙදුම්වාදයට නොව එක්සත් භාවයට ඇමරිකව රැගෙන යන බව සඳහන් කොට තිබේ.

තම ජනපති ධුර කාලසීමාව තුලදී වාර්ගික අසාධාරණයට එරෙහිව සටන් කිරීමට සහ දේශගුණික විපර්යාස පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවද Joe Biden සඳහන් කොට තිබේ.

එමෙන්ම විවිධ ජන සන්ධාන තමාට සහාය දැක්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් තමන් සියලු දෙනාටම නැවත සහාය දක්වන බවද Joe Biden සඳහන් කොට තිබේ.

ඇමරිකාවේ පළමු කාන්තා උප ජනාධිපති ධුරය සඳහා තේරුණු Kamala Harris සඳහන් කොට ඇත්තේ තමන් භූමිකාවේ පළමු කාන්තාව විය හැකි නමුත් අන්තිමයා නොවන බවයි.

ඇය සඳහන් කොට ඇත්තේ අභිලාෂයෙන් සිහින දකින ලෙස සහ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන ලෙස ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇමරිකාව මීළඟ පරපුරට පැහැදිලි පණිවුඩයක් යවා ඇති බවයි

Kamala Harris ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරය සඳහා හිමිකම් කියන පළමු අප්‍රිකානු-ඇමරිකානු සහ දකුණු ආසියානු ඇමරිකානු ජාතිකයා වේ.


Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service