SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (22/09) පාර්ලිමේන්තුවට

Sri Lanka Parliament
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (22/09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අද පාර්ලිමේන්තුවේ ප්‍රධාන කටයුතු ආරම්භයේදී අදාළ කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා පසුගිය සැප්තැම්බර් 02 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ අතර එය සැප්තැම්බර් 03 වන දින ගැසට් කෙරුණි.

කෙසේවෙතත්, එහි ඇති ඇතැම් සංශෝධන සඳහා විරෝධතා එල්ල වීමට පටන් ගත් නිසා එම සංශෝධන සමාලෝචනයට අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබීය.

එම කමිටුව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කළද දැනට කෙටුම්පත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ඒ අනුව අද (22/09) සිට දින 7 ක් ඇතුළත එහි ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික පුරවැසියන්ට හිමිවනු ඇත.

විරෝධතා නොමැතිනම් අදාළ කෙටුම්පත් දින 7 කට පසුව පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම සඳහා යොමු කෙරේ.

දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු එහි සංශෝධන ඇත්නම් කාරක සභා අවස්ථාවේදී ඒවා කෙටුම්පතට එක් කෙරෙනු ඇත.

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත විය යුතු බව නීතිපතිවරයා රජයට දැනුම් දී තිබේ.

මේ අතර 20 වන සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 11 දෙනෙකු පත් කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now