SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු Reserve බැංකුවේ පොලී අනුපාතය අද සිට තවත් පහලට

The Reserve Bank of Australia building in Sydney.
A cash rate cut looks near certain after RBA board members said it "would likely be appropriate". (AAP) Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

මධ්‍යම බැංකුවෙහි පොලී අනුපාත කප්පාදුවෙහි වාසිය ඕස්ට්රේලියානුවන්ට ලැබීමට කටයුතු කළ යුතු බව භාණ්ඩාගාරික Josh Frydenberg මෙරට බැංකු ප්‍රධානීන්ට දැනුම් දෙයි.

අද දිනයේදී (June 4th) මෙරට මධ්‍යම බැංකුව විසින් මුදල් අනුපාතය සියයට 1.25 දක්වා පහත දැමීමට අපේක්ෂා කර ඇත. සේවා නියුක්ති ඉලක්ක වර්ධනය කර ගැනීමට සහ උද්ධමන ඉලක්කය රැක ගැනීම එහි අරමුණ වී තිබේ.

වසර 2016 අගෝස්තු මාසයේ සිට මේ දක්වා මධ්‍යම බැංකුවේ වාර්ෂික පොලි අනුපාතය 1.5% ක ස්ථාවර අගයක පවතී. අද දින සිට එය 1.25% දක්වා අඩුවනු ඇත.

ඒ අනුව මෙරට සාමාන්‍ය නිවාස ණය අගය වන ඩොලර් ලක්ෂ 4 ක ණයක් සඳහා ගෙවනු ලබන මාසික වරිකයයෙන් ඩොලර් 58 ක ඉතිරියක් නිවාස ණය ලාභීන්ට හිමිවනු ඇත


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now