ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වඩාත් භයානකම මාර්ග සහ මංසන්ධි මෙන්න (SBS සිංහල/ වාර්තා)

මෙල්බර්න් නුවර වැඩිම අවදානමක් ඇති මාර්ගය ලෙස Mount Alexander මාර්ගය හඳුනාගෙන තිබේ.

The Royal Automobile Club of Victoria (RACV) has revealed Melbourne's worst roads and intersections

The Royal Automobile Club of Victoria (RACV) has revealed Melbourne's worst roads and intersections Source: AAP / AAP Image/James Ross

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර අවදානම් වැඩිම මාර්ග සහ මංසන්ධි අනාවරණය කරගෙන තිබේ.

Royal Automobile Club of Victoria හෙවත් RACV විසින් සිදුකළ නවතම සමීක්ෂණයක් හරහා මෙම තොරතුරු රැස්කරගෙන ඇත.

RACV සමීක්ෂණය

මෙම RACV සමීක්ෂණයට මෙල්බර්න් වැසියන් 5,000 ක් පමණ ප්‍රතිචාර දැක්වූ අතර මෙල්බර්න් නගරයේ වඩාත්ම භයානක ලෙස සැලකෙන මංසන්ධි සහ මාර්ග හඳුනා ගැනීමට ඒවා උපකාරී විය.

මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්කල මංසන්ධියක ආරක්ෂාව වඩාත් සැලකිලිමත් විය යුතු ක්ෂේත්‍රය වන බවත් රියදුරන්ගේ අනාරක්ෂිත හැසිරීම්, එනම් වේගයෙන් රිය පැදවීම සහ අක්‍රමවත් ලෙස රිය පැදවීම සෙසු අවදානම් සාධක ලෙසත් අදාළ ප්‍රතිචාර දක්වන්නෝ දන්වා සිටියහ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මාර්ගයේ අඩු වේග සීමාවක් පැනවීම හරහා මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කරන බව මෙම සමීක්ෂණයට සහභාගී වූ තුනෙන් එකක් පවසා තිබේ.

ඒ අනුව මාර්ගයේ මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව යනු ආරක්ෂිත වේගය සහ ආරක්ෂිත මාර්ග පමණක් නොව රියදුරු හැසිරීමත් ඊට ඇතුළත් බව මෙම ප්‍රතිඵල පෙන්වා දී ඇතැයි RACV පවසයි.

RACV විසින් මෙම සමීක්ෂණයේ සොයාගැනීම් අදාළ නගර සභා වෙත ලබාදෙනු ඇති අතර ආරක්ෂාව අඩු අවදානම වැඩි බවට හඳුනාගත් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා පෙනී සිටිනු ඇත. 

මෙල්බර්න් නුවර වැඩිම අවදානමක් ඇති මාර්ග 10

 මාර්ගයමාර්ගයේ අවදානම් කලාපයට හසුවන උප නගර
1Mount Alexander RoadEssendon, Moonee Ponds, Ascot Vale
2Dandenong RoadWindsor, Prahran, Caulfield
3Sydney RoadBrunswick, Coburg
4North RoadMcKinnon, Oakleigh, Clayton
5Calder FreewayKeilor Park, Keilor, Taylors Lakes
6Clyde Road / Berwick-Cranbourne RoadBerwick, Clyde
7Point Cook RoadPoint Cook, Seabrook
8St Kilda RoadMelbourne
9Barkly Street / Hopkins StreetFootscray
10Western FreewayMelton, Rockbank

මෙල්බර්න් නුවර වැඩිම අවදානමක් ඇති මංසන්ධි 10

 මංසන්ධිමංසන්ධිය හසුවන උප නගරය
1Mount Alexander Road / Keilor RoadEssendon
2Princes Freeway / Geelong Road ExitWerribee
3Wellington Road / Dorning RoadNarre Warren East
4Bay Street / Liardet RoadPort Melbourne
5Twickenham Crescent / Loyola GroveRichmond
6Racecourse Road / Flemington RoadNorth Melbourne
7Point Cook Road / Sneydes RoadPoint Cook
8Flemington Road / Royal ParadeNorth Melbourne
9Lorimer Street / Wurundjeri WayDocklands
10Williamstown Road / Beacon RoadPort Melbourne

 


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now