SKIP TO MAIN CONTENT

දකුණු අප්‍රිකානුවෝ පහසුවෙන්ම ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට සමීප වෙති

SL vs SA
Source: Sri Lanka Cricket

1 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය ඊයේ නිමාවට පත්විය.

තරඟය නිමා වනවිට සිය ප්‍රථම ඉනිම සඳහා ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස්කොට තිබේ.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඩී එන් එල්ගර් ලකුණු 95ක්ද, එදීන් මක්රම් ලකුණු 68ක්ද රැස්කොට තිබිණ

තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 396 රැස්කිරීමට සමත් විය .

තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 85ක් රැස් කල අතර මේ වනවිට පළමු ඉනිම සඳහා කඩුලු 6ක් සමග දකුණු අප්‍රිකාව ලකුණු 79ක් පසුපසින් සිටී.

දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් හිදී තරඟය පැවැත්වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now