SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ප්‍රදේශ වල සිට එන අයට දකුණු ඕස්ට්‍රේලියාවෙන් සහන

International arrival caps
Australia is one of few countries in the world to ban its citizens from leaving the country Source: James D. Morgan/Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

නිව් සවුත් වේල්ස්හි ප්‍රාදේශීය ප්‍රදේශ වල සිට තම ප්‍රාන්තයට ඇතුළුවන සංචාරකයින් සඳහා වන නිරෝධායන නීති ලිහිල් කරන බව දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය නිවේදනය කර සිටී. මෙම වෙනස්කම් අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව නිව් සවුත් වේල්ස් හි ප්‍රාදේශීය ප්‍රදේශ වල සිට දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින් දින 12 ක කාලයක් ඇතුලත PCR පරීක්ෂණ 3 කට මුහුන දිය යුතු වේ.

එහෙත් තවමත් කොරෝනා තර්ජනය පවතින Greater Sydney, Central Coast, Blue Mountains සහ Wollongong යන ප්‍රදේශ සමඟ වල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා මෙම නීති ලිහිල් කිරීම අදාල නොවන බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය පවසයි.

එසේම ග්‍රේටර් බ්‍රිස්බේන් සඳහා ද නීති වෙනස් නොවන අතර එහි සිට තම ප්‍රාන්තයට ඇතුළුවන පුද්ගලයින්ද දින 14 ක කාලයක් හෝටල් නිරෝධායනයට ලක්විය යුතු බව දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාෂල් පවසා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now