බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජාව තුල කොරෝනා නව වෛරස් ප්‍රභේදය පැතිරීම බොහෝදුරට පාලනය වෙයි

Premier of Western Australia Mark McGowan speaks to the media during a press conference in Perth, Thursday, September 24, 2020. (AAP Image/Richard Wainwright) NO ARCHIVING

Premier of Western Australia Mark McGowan Source: AAP

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජාව තුල කොරෝනා නව වෛරස් ප්‍රභේදය පැතිරීම බොහෝදුරට පාලනය වී ඇති බව වාර්තාවේ.

හෝටල් නිරෝධායනයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකු හට බ්‍රිතානයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් අනතුරුව පර්ත් නගරයේ මෙට්‍රොපොලිටන් කලාපය, පීල් ප්‍රදේශය ඇතුළු නිරිත දිග කලාපිය ප්‍රදේශ, දින 5 ක කාලයක් සඳහා ලොක්ඩවුන් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගත්තේය.

මෙම ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් පිලිබඳ වැඩිදුර විස්තර හෙට දිනයේදී ලැබෙනු ඇති බවට, බලධාරීන් විශ්වාසය පලකොට සිටී.

ප්‍රජාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වුනු පුද්ගලයින් මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.


1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now