SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේදී අතුරුදන්වූ ශ්‍රී ලාංකික සිසුවා සොයාගැනීමට කොන්සල් කාර්යාලය මහජන සහය පතයි

කුමුදු බණ්ඩාර නම් වන මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍යයා සොයාගැනීම සඳහා මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහය පතයි.

Kumudu Bandara Final.jpg

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන කරුණා ආරච්චිලාගේ කුමුදු බණ්ඩාර, 2023 අප්‍රේල් මැද සිට අතුරුදහන් වී ඇති බව මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය දන්වා සිටී.

24 වියෙහි පසුවන ඔහු දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Sefton Park නගරයේදී අවසන් වරට දැක තිබේ.

කුමුදු බණ්ඩාර නම් වන මෙම ශ්‍රී ලාංකික ශිෂ්‍යයා සොයාගැනීම සඳහා මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහය පතයි.

මෙම ශිෂ්‍යයා සම්බන්ධ තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකයට හෝ ඊමේල් ලිපිනයට දැනුම් දෙන ලෙසද මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය දන්වා සිටී.

  • දුරකතන අංකය: 03 9290 4200
  • ඊමේල්: mail@slcgmel.org


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now