යුරෝපයේ දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇති රාජ්‍යය ලෙසට එක්සත් රාජධානිය පත්වෙයි

A cyclist wearing a face mask rides past closed up shops on Portobello Road in West London as the UK continues in lockdown.

A cyclist wearing a face mask rides past closed up shops on Portobello Road in West London as the UK continues in lockdown. Source: Press Association

යුරෝපයේ දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වී ඇති රාජ්‍යය ලෙසට එක්සත් රාජධානිය පත්ව තිබේ.

ඊයේ දිනය (29/04) අවසන් වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 26,097 ක් ලෙස සටහන්වී තිබුණි.

ඒ අනුව එම ප්‍රමාණය ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ.

යුරෝපයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ ඉතාලියෙනි.

එම සංඛ්‍යාව 27,682 ක් ලෙස දැක්වෙයි.

මේ තත්ත්වය මත බ්‍රිතාන්‍යයේ කොරෝනා වයිරසය පැතිරීම වැලක්වීමේ නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතු බව බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Jonathan Van-Tam පවසයි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now