SKIP TO MAIN CONTENT

සිරියාවේ IS ත්‍රස්ත තර්ජනය අවසන් - ඇමෙරිකාව නිවේදනය කරයි

The United States has confirmed its troops are being withdrawn from Syria
The United States has confirmed its troops are being withdrawn from Syria

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News, SBS Sinhala program



Skip to article content

සිරියාවේ පැවති IS ත්‍රස්ත අවධානම මර්ධනය කොට ඇති බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. එහෙයින් සිරියාවේ IS මර්දන හමුදා ක්‍රියාන්විත සඳහා යොදවා සිටින ඇමරිකානු හමුදා ඉවත්කරගැනීම ආරම්භ කොට ඇතැයි ඇමරිකානු ප්‍රවෘති ලේකම් සාරා සෑන්ඩර්ස් තහවුරු කොට සිටි. ඇමරිකානු සෙබළු 2000 කට ආසන්න සංඛ්‍යාවක් සිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ ක්‍රියාන්විත සඳහා යොදවා තිබිණ.

කෙසේවෙතත් හමුදා කාණ්ඩ වලින් කොටසක් තවදුරටත් සිරියාවේ රඳවා තබන බවද ධවල මන්දිරය පවසයි. IS ක්‍රියාකාරකම් නැවතත් වර්ධනය වීම වලකාලීම සහ සිරියාවට ඇතිවිය හැකි රුසියානු සහ ඉරාන බලපෑම අවම කරවීමට එය ඉවහල් වනු ඇතැයිද ඇමරිකාව පවසා සිටි.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now