SKIP TO MAIN CONTENT

ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකාව නිල වශයෙන් පිළිගනියි.

The United States has formally recognised Jerusalem as the capital of Israel.
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ජෙරුසෙලම  ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකාව නිල වශයෙන් පිළිගෙන තිබේ.

මේ තීරණයත් සමග ඊශ්‍රායලයේ Tel Aviv හි පිහිටා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලය වහාම ජෙරුසෙලම වෙත ගෙනයාමට ඇමෙරිකානු ජනාධිපති Donald Trump ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මෙම තීරණයට ඇතැම් පාර්ශව විරුද්ධ බව තමන් දන්නා නමුත් ඊශ්‍රායල් - පලස්තීන් අර්බුදය නිමා කිරීමේ නව වැඩපිළිවෙලක පළමු පියවර ලෙස මෙය හැඳින්විය හැකි බව Donald Trump  පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසෙලම  ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගතහොත් එය මැද පෙරදිග සාමයට අහිතකර ලෙස බලපාන බවට බොහෝ ජාත්‍යන්තර ප්‍රජාවන් පෙරාතුව අනතුරු අඟවා තිබුණි.

නමුත් පසුගිය දශක දෙක තුළ මෙම ගැටලුවට ස්තිර විසඳුමක් ලබා දීමට කිසිවෙකුට හෝ නොහැකි වූ බවත් එය යම් තැනකින් හෝ පටන්ගත යුතු බවත් Donald Trump  පැවසීය.

ජෙරුසෙලම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ගත් තීරණය සඳහා තමන් එකඟ නොවන බව ප්‍රංශ ජනාධිපති Emmanuel Macron පවසයි.

මීට අමතරව මෙම තීරණය වගකීම් විරහිත තීරණයක් බව තුර්කියේ විදේශ  කටයුතු අමාත්‍යංශය පවසා ඇති අතර මෙය අන්තවාදී තීන්දුවක් බව ජෝර්දාන් රජු Abdullah පවසා ඇත.

නමුත් පවතින අර්බුදය සාමකාමී මාවතකට ගෙන ඒමට ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර බවට පත් කිරීම ප්‍රධාන තැනක් ගන්නා බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය Benjamin Netanyahu පැවසීය.

ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයාට ගත් තීන්දුව පිළිබඳ ස්තුතිවන්ත වූ අතර ලොව අනෙකුත් රටවලටද ඇමෙරිකාව සිදුකළාක් මෙන් ක්‍රියා කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.

 

ජෙරුසෙලම  ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකාව නිල වශයෙන් පිළිගත් නමුත් ඊශ්‍රායලයේ Tel Aviv හි පිහිටා ඇති ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය ජෙරුසෙලම  වෙත ගෙන  නොයන බව ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනී  Julie Bishop පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now