ඇමෙරිකාව රජයේ උපාංගවලින් TikTok තහනම් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාවත් ඒ මග යයිද? (SBS සිංහල/ වාර්තා)

චීනයට අයත් මෙම TikTok app එක සියලුම රජයේ උපාංගවලින් තහනම් කිරීමට ඇමෙරිකාව ගත් තීරණය මාර්තු 01 වනදා චීනය දෙසින් විවේචනයට තුඩු දුන් අතර ඔස්ට්‍රේලියාව තවමත් එය අනුගමනය නොකරන්නේ මන්දැයි ලිබරල් සන්ධානය ප්‍රශ්න කළේය.

The TikTok app icon on a smartphone screen.

Chinese-owned social media app TikTok is facing bans across a number of foreign governments. Source: Getty / NurPhoto

චීනයට අයත් සමාජ මාධ්‍ය app එකක් වන TikTok, විදේශීය රජයන් ගණනාවක් සිය රටවල තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

නමුත් TikTok සම්බන්ධ තම ආරක්ෂක උපදෙස් තවමත් වෙනස් වී නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

සිය ප්‍රධාන සගයින් රාජ්‍ය සේවකයින්ගේ ආරක්‍ෂක අවශ්‍යතා මත TikTok app එක භාවිතා කිරීම සීමා කර තිබියදීත්, බුද්ධි අංශ රජයේ උපාංග මත TikTok තහනම් කරන ලෙස ඉල්ලා නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි. 

ඇමෙරිකාවේ TikTok තහනම

චීනයට අයත් මෙම TikTok app එක සියලුම රජයේ උපාංගවලින් තහනම් කිරීමට ඇමෙරිකාව ගත් තීරණය මාර්තු 01 වනදා චීනය දෙසින් විවේචනයට තුඩු දුන් අතර ඔස්ට්‍රේලියාව තවමත් එය අනුගමනය නොකරන්නේ මන්දැයි ලිබරල් සන්ධානය ප්‍රශ්න කළේය.

එහි මව් සමාගම වන ByteDance, චීන රජය සඳහා පුද්ගලික දත්ත එකතු කරනු ඇතැයි යන බිය නිසා ඇමෙරිකාව සිය ෆෙඩරල් ආයතනවල සේවකයින්ට ඔවුන්ගේ රාජකාරී උපාංගවලින් TikTok මකා දැමීමට දින 30 ක කාලයක් ලබා දී ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————
තමන් කිසි විටෙක ඔස්ට්‍රේලියානු දත්ත චීන රජය සමඟ බෙදා නොගත් බවත්, එහි ආරක්ෂක කණ්ඩායම් දත්ත වෙත ප්‍රවේශය ඇති පුද්ගලයින් සංඛ්‍යාව අවම කරන බවත් TikTok මීට පෙර ප්‍රකාශ කර ඇත.

මේ සතියේ, කැනඩාව ද සියලුම රජයේ සේවකයන්ට ඔවුන් සඳහා රජය විසින් නිකුත් කරන ලද දුරකථනවල TikTok භාවිතා කිරීම තහනම් කරන බව නිවේදනය කරන ලද අතර, කැනේඩියානු අගමැති Justin Trudeau එහි ආරක්ෂක අවදානම පිළිබඳ සඳහන් කළේය. 

ඔස්ට්‍රේලියාවේ ස්ථාවරය

ෆෙඩරල් ඔස්ට්‍රේලියානු ආයතන නවයක් (දෙපාර්තමේන්තු අටක් සහ CSIRO) දැනටමත් සිය සේවකයින්ට ඔවුන්ගේ රාජකාරී උපාංගවලින් TikTok app එක ඉවත් කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.

නමුත් සම්පූර්ණ තහනමක් නිර්දේශ කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට තවමත් උපදෙස් ලැබී නොමැති බව මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers BC වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

"TikTok තහනම පිළිබඳ ඇමරිකාව එක රැයකින් කළ නිවේදනය ගැන අපි දැනුවත්. අදාළ ආයතනවල සිටින අපගේ සගයන් එය සලකා බලනු ඇති බවට සැකයක් නැහැ. නමුත් අපට මේ සම්බන්ධයෙන් ලැබී ඇති උපදෙස් තවමත් වෙනස් වී නැහැ." ඔහු පැවසීය.
A man wearing a suit speaks to media.
Treasurer Jim Chalmers. Source: AAP / MICK TSIKAS

ඇමෙරිකානු තහනමට චීනයේ ප්‍රතිචාරය

ඇමෙරිකාවේ TikTok තහනම් කිරීමේ තීරණය වෙත චීනයෙන් තියුණු ප්‍රතිචාරයක් දියත් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය ඕනෑවට වඩා දිගු කිරීම සහ විදේශීය සමාගම් මර්දනය කිරීම සඳහා රාජ්‍ය බලය අනිසි ලෙස භාවිතා කරන බවට චීන රජයේ ප්‍රකාශක Mao Ning ඇමෙරිකාවට චෝදනා කළාය.

තාරුණ්‍යයේ ප්‍රියතම app එකකට මෙතරම් දුරට බිය වීමට ලෝකයේ ඉහළම සුපිරි බලවතාට තමන් ගැන කොතරම් විශ්වාස කළ නොහැකිද යන්න ඇය සඳහන් කළාය.

ඇමෙරිකානු රජය වෙළඳපල ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මවලට ගරු කළ යුතු අතර, සමාගම් මර්දනය කිරීම නැවැත්විය යුතු බවත් ඇමෙරිකාවේ විදේශීය සමාගම් සඳහා විවෘත, සාධාරණ සහ වෙනස් කොට සැලකීම්වලින් තොර පරිසරයක් සැපයිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය. 

ඔස්ට්‍රේලියානු විපක්ෂයේ සහ විද්වතුන්ගේ මතය

TikTok චීන කොමියුනිස්ට් පක්ෂයට (CCP) ගැති බවත්, එය චීන ජාතික ආරක්ෂක නීතිවලට යටත් වන බැවින්, එසේ කිරීමට පැවසුවහොත් දත්ත බෙදා ගැනීමට අවශ්‍ය බවත් SBS පුවත් වෙත අදහස් දක්වමින් විපක්ෂයේ සයිබර් ආරක්ෂණ ප්‍රකාශක James Paterson කියා සිටියේය.

චීන බුද්ධි අංශ වෙත දැනටමත් ලබා දී ඇති පුද්ගලික සහ සංවේදී තොරතුරු මොනවාද යන්න අපැහැදිලි බව ද ඔහු ප්‍රකාශ කළේය.

කම්කරු පක්ෂයට පමණක් යාවත්කාලීන ආරක්ෂක උපදෙස් සඳහා ප්‍රවේශය ඇති අතර, ෆෙඩරල් උපාංග සඳහා පූර්ණ තහනමක් පැනවීමට තවමත් නොහැකි වී ඇත්තේ මන්දැයි පැහැදිලි කිරීම කම්කරු රජයට භාර බව ද විපක්ෂයේ සයිබර් ආරක්ෂණ ප්‍රකාශක James Paterson පැවසීය.

මේ අතර UNSW හි සයිබර් ආරක්ෂණ ආයතනයේ Nigel Phair, ඇමෙරිකාවේ මෙම තීරණය විස්තර කළේ ඕනෑවටත් වඩා සැලකිලිමත් වීමක් ලෙසය.

එසේ නොමැතිව පුද්ගලික නිදහසේ සහ වින්දනයේ කෝණයකින් මෙම app එක දෙස බලන ලෙස ඔහු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියේය.

Share

Published

By Finn McHugh, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඇමෙරිකාව රජයේ උපාංගවලින් TikTok තහනම් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාවත් ඒ මග යයිද? (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala