SKIP TO MAIN CONTENT

කොරෝනා වැළදී ඇති බවට තහවුරු වන සෞඛ්‍ය සේවකයින්ව හුදකලා කිරීම සඳහා හෝටල් කාමර කුලියට ගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 20 ක් වෙන් කරයි

Getty Images
Governo vai priorizar processamento de pedidos de vistos para 17 ocupações e oferecer isenção à atual proibição de viagens para a Austrália Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වන සෞඛ්‍ය සේවකයින්ව හුදකලා කිරීම සඳහා හෝටල් කාමර කුලියට ගැනීම සඳහා ඩොලර් මිලියන 20 ක මුදලක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය වෙන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ඇතැම් විට වියපත් පුද්ගලයින් සමග වාසය කරනවා හෝ තම වාසස්ථානය තවත් පුද්ගලයින් සමග හවුලේ භුක්ති විඳිනවා විය හැකි බැවින් එම අවදානම් තත්ත්ව වලින් මුදවාගැනීමට මෙම පියවර ගත් බව වික්ටෝරියානු සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අදාළ සෞඛ්‍ය සේවකයින්ට එහිදී කිසිදු වියදමක් දැරීමට සිදු නොවන අතර එම සියලු වියදම් වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් දරනු ලබයි.

සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට මෙවේලෙහි උපරිම සහය ලබා දීම ප්‍රාන්ත රජයේ වගකීම බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පවසයි.

මේ අතර අද (06/04) උදෑසන 8.30 වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 1,135 දෙනෙකු වාර්තා වන බව සඳහන්.

ගතවූ පැය 24 තුළ ප්‍රාන්තයේ නව ආසාදිතයින් 20 ක් වාර්තා වී තිබේ.

නිරෝධායන නීති සහ පුද්ගල දුරස්ථභාවය පිළිබඳ නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට දඩ මුදල් නිකුත් කරන බවත් ගතවූ පැය 24 තුළ එවැනි දඩ 142 ක් නිකුත් කර ඇති බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now