SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්තයේ L-plate, P-plate සහ සියලුම වයස්වල යහපත් රියදුරන්ට සුබ ආරංචියක් (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ නව online learner permit සහ hazard perception පරීක්ෂණ ද අගෝස්තු 15 වනදා සිට නොමිලේ සිදුකළ හැකි බව ප්‍රාන්ත රජය දැනුම් දෙයි.

The Victorian government is slashing costs for new drivers and re-introduced Safe Driver Discount
The Victorian government is slashing costs for new drivers and re-introduced Safe Driver Discount Source: Getty

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

Key Points

  • වික්ටෝරියා ප්‍රාන්තයේ learner (L-plate) සහ probationary (P-plate) බලපත්‍ර ගාස්තු අහෝසි කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
  • අගෝස්තු 15 වනදා සිට මෙය ක්‍රියාත්මක වේ.
  • තවද සියලුම වයස්වල මෝටර් රථ, යතුරුපැදි සහ බර වාහන බලපත්‍රලාභීන්ට Safe Driver Discount ක්‍රමය යළි හඳුන්වාදීමට තීරණයකර ඇත.

වික්ටෝරියා ප්‍රාන්තයේ learner (L-plate) සහ probationary (P-plate) බලපත්‍ර ගාස්තු අහෝසි කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

එමෙන්ම රියදුරු බලපත්‍ර ගැනීමේ online පරීක්ෂණ ගාස්තුද අහෝසි කර තිබේ.

ඒ අනුව අගෝස්තු 15 වනදා සිට, L-plate අපේක්ෂා කරන අයදුම්කරුවන්ට බලපත්‍ර සහ online පරීක්ෂණ ගාස්තුවලින් ඩොලර් 51.40ක් දක්වා ඉතිරිකර ගැනීමට හැකි වනු ඇත.

එමෙන්ම L-plate රියදුරෙක් P-plate දක්වා යාමේදී බලපත්‍ර සහ online hazard පරීක්ෂණ ගාස්තුවලින් ඩොලර් 133.30 දක්වා ඉතිරිකර ගැනීමට හැකිවන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වයි.

The Victorian government is slashing costs for new drivers
The Victorian government is slashing costs for new drivers Source: Getty

සෑම වසරකම 138,000 කට අධික වික්ටෝරියානුවන් ඔවුන්ගේ L-plate බලපත්‍රය ලබා ගන්නා අතර 121,000 පමණ ඔවුන්ගේ P-plate බලපත්‍රය ලබා ගනී.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ නව online learner permit සහ hazard perception පරීක්ෂණ ද අගෝස්තු 15 වනදා සිට නොමිලේ සිදුකළ හැකි බව ප්‍රාන්ත රජය දැනුම් දෙයි.

මෙම online විභාග පසුගිය කොවිඩ් සමයේදී සෞඛ්‍ය ආරක්ෂාව හේතුවෙන් හඳුන්වා දුන් අතර අයදුම්කරුවන්ගෙන් 90% කට වඩා දැන් මෙම නව විකල්පය තෝරාගෙන ඇත. 

The Victorian government is slashing costs for new drivers
Source: Getty / Getty Images

සියලුම වයස්වල බලපත්‍රලාභීන්ට ආරක්ෂිත රියදුරු වට්ටම්

සියලුම වයස්වල මෝටර් රථ, යතුරුපැදි සහ බර වාහන බලපත්‍රලාභීන්ට Safe Driver Discount හෙවත් ආරක්ෂිත රියදුරු වට්ටම් නැවත හඳුන්වාදීමට තීරණයකර තිබේ.

මෙම වට්ටම් ක්‍රමය 2013 වසරේදී ලිබරල් සන්ධාන රජය බලයට පත්වීමත් සමග අහෝසි කළේය.

ඒ අනුව පසුගිය වසර තුන තුළ demerit points හෝ මාර්ග ආරක්ෂණ වැරදි සිදු නොකළ රියදුරන්ට ඔවුන්ගේ ඊළඟ රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී 25% ක වට්ටමක් ලැබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම වට්ටමට අනුව අවුරුදු දහයක රියදුරු බලපත්‍රයක් සඳහා ඩොලර් 73ක් දක්වා ඉතිරි කිරීමක් ලැබේ.

2022 ඔක්තෝබර් 01 න් පසු අලුත් කරන රියදුරු බලපත්‍ර සඳහා මෙම වට්ටම යළි ඇරඹෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now