SKIP TO MAIN CONTENT

කොරෝනා නිසා ආර්ථික පීඩාවට පත් වික්ටෝරියානු ප්‍රාන්තයේ සමාජ ශාලා සහ අවන්හල් සඳහා ඩොලර් මිලියන 40 ක ආර්ථික සහන පැකේජයක්

Closed restaurant sign
WASHINGTON, DC - FEBRUARY 16: The El Tamarindo restaurant is closed (Photo by Mario Tama/Getty Images) Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හමුවේ තම ව්‍යාපාරික ස්ථාන වල කුලිය ගෙවා ගැනීමට සහනයක් ලබා ගැනීමට නොහැකි වික්ටෝරියානු ප්‍රාන්තයේ සමාජ ශාලා, අවන්හල් සහ ආපන ශාලා සඳහා ආර්ථික සහන සැලසීමට ඩොලර් මිලියන 40 ක ආර්ථික සහන පැකේජයක් හඳුන්වා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව වාර්ෂික පිරිවැටුම ඩොලර් මිලියන 50 කට අඩු වික්ටෝරියානු ප්‍රාන්තයේ සමාජ ශාලා, අවන්හල් සහ ආපන ශාලා සඳහා මෙම ආර්ථික සහනය ලබා දෙනු ඇත.

එක් එක් ව්‍යාපාරය සඳහා කොපමණ මුදලක් ලබා දෙනවාද යන්න විශේෂ කමිටුවක් මගින් තීරණය කෙරෙන බවත් එම කමිටුව ඔස්ට්‍රේලියානු හෝටල් සංගමය, Community Clubs Victoria, Music Victoria සහ වික්ටෝරියානු ප්‍රාන්ත වාණිජ හා කර්මාන්ත මණ්ඩලය වැනි සංගම් සහ සංවිධාන වලින් සැදුම්ලත් බව සඳහන්.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now