SKIP TO MAIN CONTENT

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා වැළඳෙයි. අගමැති ජස්ටින් Trudeau දින 14 ක් හුදෙකලා කෙරේ

Canadian Prime Minister Justin Trudeau and wife Sophie Gregoire
Canadian Prime Minister Justin Trudeau and wife Sophie Gregoire

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

කැනේඩියානු අගමැති Justin Trudeau ගේ බිරිඳ ට ද කොරෝනා වෛරස් රෝගය වැළඳී ඇති බව වාර්තා වේ. රෝග විනිශ්චයේදී ඇය කොරෝනා වෛරස අසාදනය සඳහා ධනාත්මක බව අද දිනයේදී තහවුරු වී ඇත. අගමැති බිරිඳ Sophie Gregoire මෑතකදී ලන්ඩනයේ සිට ආපසු පැමිණ ඇති අතර උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිට තිබේ.

රෝග අසාදනයෙන් ගැලවීම සඳහා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ලෙසට කැනඩා අගමැති ජස්ටින් Trudeau දින 14 ක් හුදෙකලා කර තැබෙනු ඇත.

කැනේඩියානු රජය ප්‍රකාශයක් නිකුත්කරමින් සඳහන් කොට ඇත්තේ අගමැතිවරයා සම්බන්දයෙන් මේ වන විට කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා ඔහු සමඟ මෑතකදී රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා මැදිහත් වුවන් සහ ඔහු සමඟ කටයුතු කල පුද්ගලයින් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවයි.

SBS සිංහල ගුවන් විදුලියට සවන්දිය හැකි අයුරු 

.
. Source: SBS Sinhala radio

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now