නිවැරදි කොවිඩ් දත්ත සපයන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලයි

මේ ගෙවී යන සතියේ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

FRANCE-HEALTH-VIRUS-RESEARCH

Since the peak of Omicron wave, the number of SARS-CoV-2 sequences being shared by the world has dropped by more than 90 per cent Source: AFP / CHRISTOPHE ARCHAMBAULT/AFP via Getty Images

නව COVID-19 රෝගීන් ඔස්ට්‍රේලියාව පුරා අඩුවෙමින් පවතී.

බලාපොරොත්තු වූ පරිදි COVID-19 රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව අඩුවෙමින් පවතින බව ප්‍රධාන දර්ශකවලට අනුව පෙන්නුම් කරන බව වැඩබලන NSW ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය Jan Fizzell පැවසුවාය.

කෙසේ වෙතත්, ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට අප සියලු දෙනාම සරල පියවරයන් අනුගමනය කළ යුතු බව ඇය පැවසුවාය.

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත ගෙවුණු දින හතක වාර්තාකරණ කාල සීමාව තුළ වැඩිම මරණ වාර්තා කර ඇති අතර, පිළිවෙලින් මරණ 112 සහ 149 ක් ඒවායින් වාර්තා විය.

කෙසේ වෙතත්, නිවාඩු කාලය තුළ දත්ත වාර්තා කිරීමේ ප්‍රමාදයන් එම සංඛ්‍යාවෙන් පිළිබිඹු විය හැකිය.

COVID-19-ධනාත්මක ක්‍රීඩකයින්ට ද මේ වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට තරඟ කිරීමට හැකි වනු ඇති බව Tennis Australia පසුගිය සඳුදා තහවුරු කළේය.

මෙම තීරණය ඔස්ට්‍රේලියාව පුරා ඇති COVID තත්වය පිළිබිඹු කරන බව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ අධ්‍යක්ෂ Craig Tiley පැවසීය.

මෙම වසරේදී ක්‍රීඩකයින් සඳහා පනවන ලද කොවිඩ් එන්නත් හෝ කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතා නොමැත.

COVID-19-ධනාත්මක ක්‍රීඩකයින්ට ද මේ වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියට තරඟ කිරීමට හැකි වනු ඇති බව Tennis Australia පසුගිය සඳුදා තහවුරු කළේය.

මෙම තීරණය ඔස්ට්‍රේලියාව පුරා ඇති COVID තත්වය පිළිබිඹු කරන බව ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ අධ්‍යක්ෂ Craig Tiley පැවසීය.

මෙම වසරේදී ක්‍රීඩකයින් සඳහා පනවන ලද කොවිඩ් එන්නත් හෝ කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතා නොමැත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ජපානයේ සහ දකුණු කොරියාවේ පුද්ගලයන්ට කෙටි කාලීන වීසා නිකුත් කිරීම චීනය විසින් තාවකාලිකව නතර කර තිබේ.

එය එම රටවලට චීන වැසියන් පැමිණිමේදී කරනු ලබන වෙනස්කොට සැලකීමේ ක්‍රියාවලියට එරෙහිව චීනයේ පළමු ප්‍රතිප්‍රහාරය වේ.

“චීනය ඉලක්ක කර ගනිමින් රටවල් අතලොස්සක් වෙනස් කොට සැලකීමේ රටවලට ප්‍රවේශවීම් සීමා කිරීමේ පියවර චීනය තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඊට විරුද්ධව අදාළ පියවර ගනු ඇත,” විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin පසුගිය අඟහරුවාදා පැවසීය.

නව Omicron ප්‍රභේදය XBB.1.5 ඇමෙරිකාවේ වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දිගු ගුවන් ගමන් වල මුව ආවරණ පළඳින ලෙස ඉල්ලා ඇත.

"මෙය පුලුල්ව පැතිරුනු COVID-19 සම්ප්‍රේෂණය පවතින ඕනෑම ස්ථානයක සිට පැමිණෙන මගීන්ට නිකුත් කරන ලද නිර්දේශයක් විය යුතුය" යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ Catherine Smallwood පැවසුවාය.

Omicron රැල්ලේ උච්චතම අවස්ථාවේ සිට, ලෝකය පුරා පැතිරෙන SARS-CoV-2 අනුපිළිවෙලවල් සංඛ්‍යාව 90% කට වඩා අඩු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus බ්‍රහස්පතින්දා අනාවරණය කළේය.

නව ප්‍රභේදවල මතුවීම සහ ව්‍යාප්තිය හඳුනා ගැනීම සහ නිරීක්ෂණය කිරීම සඳහා අනුක්‍රමණය කිරීමේ වැදගත්කම ඔහු යළිත් අවධාරණය කළේය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට සෑම සතියකම WHO වෙත වාර්තා වන මරණ සංඛ්‍යාව 90% කින් පමණ පහත වැටී ඇත, කෙසේ වෙතත් එය සැප්තැම්බර් මැද සිට සතියකට 10,000-14,000 අතර සමතුලිත අගයක් ගෙන ඇත.

"මෙම මරණ වලක්වා ගැනීමට අවශ්‍ය මෙවලම් අප සතුව තිබියදීත් ඒවා වලක්වාගැනීමට නොහැකිවීම ලෝකයට පිළිගත නොහැක " අධ්‍යක්ෂ ජනරාල් පැවසීය.

පසුගිය සතියේ WHO වෙත මරණ 11,500 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ නමුත් චීනය විසින් COVID ආශ්‍රිත මරණ අඩුවෙන් වාර්තා කිරීම හේතුවෙන් මෙය අවතක්සේරු කිරීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

"මෙම දත්ත ලබා දෙන ලෙස අපි සියලු රටවලින් ඉල්ලා සිටිමු. අප සතුව ඇති දත්ත වැඩි වන තරමට, අපට වසංගතය පිළිබඳ චිත්‍රය පැහැදිලි වේ."

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම COVID-19 වසංගත රෝග යාවත්කාලීන කිරීම් වලට අනුව, ලොව පුරා සතිපතා රෝගීන් සහ මරණ පිළිවෙලින් 9% කින් සහ 12% කින් අඩු වී ඇත.

රටවල් මට්ටමින්, ජපානය, ඇමෙරිකාව, චීන සමූහාණ්ඩුව සහ බ්‍රසීලයෙන් වැඩිම සතිපතා කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ අතර ජපානය එහි මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික COVID මරණ සංඛ්‍යාව වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ Long COVID සායන ඇති ස්ථාන මෙතනින් සොයාගන්න

ACT  New South Wales  Northern Territory  Queensland

South Australia  Tasmania  Victoria  Western Australia

ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ COVID-19 පරීක්ෂාකරන ස්ථාන මෙතනින් සොයාගන්න

ACT New South Wales Northern Territory Queensland

South Australia Tasmania VictoriaWestern Australia


Share

4 min read

Published

By Yumi Oba, Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now