SKIP TO MAIN CONTENT

ආසාදිතයින් මිලියන 10 ක් සහ මරණ මිලියන භාගයක් පසු කරමින් සමස්ත ලෝකය කොරෝනා වසංගතයේ තවත් කඩ ඉමක් පසුකරයි

Coronavirus
Source: Amarjeet Kumar Singh/AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ආසාදිතයින් මිලියන 10 ක් සහ මරණ මිලියන භාගයක් පසු කරමින් සමස්ත ලෝකය කොරෝනා වසංගතයේ තවත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ.

සෑම වසරකම බරපතල ලෙස ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදී රෝගී වන සහ මියයන සංඛ්‍යාව මෙන් මෙම අගය දෙගුණයක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මෙතෙක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම ප්‍රමාණය මිලියන 2.5 ඉක්මවයි.

මේ අතර පසුගිය සතියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ බ්‍රසීලයනේ වාර්තා වී ඇත.

උතුරු ඇමරිකාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය යන මහද්වීප වලින් ආසාදිතයින්ගෙන් 25% බැගින් පමණ වාර්තා වන අතර ආසියානු මහද්වීපයෙන් 11% ක් වාර්තා වේ.

මැදපෙරදිගින් වාර්තා වන කොරෝනා ආසාදිත ප්‍රතිශතය 9% කි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now