SKIP TO MAIN CONTENT

කොරෝනා මැඩලීමට ගෙන යන සටන දේශපාලනීකරණය කර නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දේශපාලන නායකයින්ගෙන් ඉල්ලයි

Tedros Adhanom Ghebreyesus, Director General of the World Health Organization.
Tedros Adhanom Ghebreyesus, Director General of the World Health Organization. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය මැඩලීමට ගෙන යන සටන දේශපාලනීකරණය කර නොගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දේශපාලන නායකයින්ගෙන් ඉල්ලයි.

කොරෝනා මැඩලීමේ සටනේදී ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂව කටයුතු කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කිරීමත් සමගම එම සංවිධානය මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව විසින් ලබා දෙන අරමුදල් ඉදිරියේදී අත්හිටුවන බවද අමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනාත්මකව පැවසූ බව විදෙස් මාධ්‍ය ඊයේ (08/04) වාර්තා කළේය.

දේශපාලනයෙන් ලකුණු දමා ගැනීමට කොරෝනා වසංගතය භාවිතා නොකරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Ghebreyesus රාජ්‍ය නායකයින්ට පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now