SKIP TO MAIN CONTENT

ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ ගැටළුව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවටත් පැමිණෙයි. මන්ත්‍රීවරුන් 20 කට වැඩි සංඛ්‍යාවක් විදේශ රටවල උපත ලැබූ අය.

Dual citizenship
Source: iStock

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ද්විත්ව පුරවැසි ලාභීන්ට, මන්ත්‍රී සහ අමාත්‍ය තනතුරු දැරිය නොහැකිය යන නිතීය හේතුවෙන් පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව තුල ඇතැම් මන්ත්‍රී සහ අමාත්‍ය වරුන් පිළිබඳ විශාල කතාබහක් ඇතිව තිබුනා. දැන් එම ගැටළුව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවටත් ඇවිත්.

ද්විත්ව පුරවැසිභාවය හිමි මන්ත්‍රීවරුන්, ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන විට ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවක් බවට පත්ව ඇත.

අද දිනයේ ග්‍රීන්ස් පක්ෂයේ සම නියෝජ්‍ය නායක Larissa Waters ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් තමන් දරනු ලබන සෙනට් ධුරයෙන් ඉල්ලා අස්විය.

ඇය පවසන ආකාරයට ඇය ඉපිද ඇත්තේ කැනඩාවේ වන අතර ඇයට මාස 11 දී ඇය ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත.

කැනේඩියානු පුරවැසිභාවය හිමිව ඇති බව ඇයට දැනගැනීමට හැකිවුයේ මෑතකදී බව පවසන ඇය ඒ පිළිබඳ සමාව අයැද තම ඉල්ලා ඇසීම නිල වශයෙන් අද දිනයේ ප්‍රකාශයට පත් කළාය.

මීට පෙර ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන්ම ග්‍රීන්ස් පක්ෂයේ Scott Ludlam ද ඉල්ලා අස්විය. ඔහුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයට අමතරව නවසීලන්ත පුරවැසිභාවයද හිමව තිබේ.

SBS ලෝක පුවත් සේවය වාර්තා කරන අන්දමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෙනට්වරුන් 20 කට අධික සංඛ්‍යාවක් විදේශ රටවල උපත ලබා ඇති අතර ඉන් සමහරක් තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බව පැහැදිලි කර ඇත.

එම වීඩියෝව පහතින්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now