SKIP TO MAIN CONTENT

JobKeeper හෝ JobSeeker සහන අනාගතයේදී පවා ජාත්‍යන්තර සිසුන්ට ලබා දීමට අපේක්ෂාවක් නැහැ: ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය

International students
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය මධ්‍යයේ ජාත්‍යන්තර සිසුන්ට සීමිත සහයෝගයක් ලබා දී තිබියදීත් ඔවුන් කෙරෙහි උනන්දුව පවත්වා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මධ්‍යම රජයෙන් ලබා දුන්  JobKeeper හෝ JobSeeker වැනි ආර්ථික සහන දීමනා සඳහා ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුහු සුදුසුකම් නොලබති.

තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබා දුන් බොහෝ සහන නොලැබුණු නමුත් වසරකට වඩා වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ සිටි තාවකාලික වීසා ලාභීන්ට තම superannuation ගිණුමෙන් ඩොලර් 10,000 ක් දක්වා මුදලක් ආපසු ලබාගැනීමට රජය අවසර දුන්නේය.

නමුත් එම පහසුකම පසුගිය මුල්‍ය වර්ෂය සඳහා පමණක් වලංගු විය.

JobKeeper හෝ JobSeeker සහය ලබා ගැනීමට කැමති ජාත්‍යන්තර සිසුන් සඳහා අනාගතයේදී  සලකා බැලීමක් සිදු නොවන බව ද මුදල් අමාත්‍ය Matthias Cormann, S-B-S පුවත් සේවයට පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now