ඉන්දියාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ලකුණු 209 ක දැවැන්ත ජයක් ලබමින් 2023-23 ලෝක ටෙස්ට් ශූරතාව දිනාගැනීමට පසුගිය ජුනි 11 වන දින සමත් විය.
ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශූරතාව දිනාගත්තේ මෙවර වන නමුත් ඒ සමගම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ ජයග්‍රාහී සැමරුම පිළිබඳ මත භේදාත්මක සංවාදයක් මේ වන විට ඇතිවී තිබේ.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ ජයග්‍රාහී සැමරුම පිළිබඳ මත භේදාත්මක සංවාදයක්
ඉතිහාසයේ තම මංගල ලෝක ටෙස්ට් ශූරතාව දිනාගත් අවස්ථාවේ එම ජයග්‍රාහී සැමරුම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ සාම්ප්‍රදායික champagne shower එකකින් සැමරුවේ නැති බවටත් එයට හේතුව ඔස්ට්‍රේලියානු සුපිරි ටෙස්ට් පිතිකරු Usman Khawaja බවටත් චෝදනා එල්ල වෙමින් තිබේ.
Usman Khawaja මුස්ලිම් ආගමිකයෙක් වන නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට ගරු කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිළ තම සාම්ප්‍රදායික ජයග්‍රාහී සැමරුම් විධිය මෙලෙස වෙනස් කර ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සිය ජයග්‍රහණයෙන් පසු තම ක්‍රීඩා විවේකාගාරයේ කාමරවල බියර් බෙදා ගත් බව වාර්තා විය.
ඉන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම Oval ක්‍රීඩාංගණයේ තණතිල්ල මත කණ්ඩායම් ගීතය ගායනා කරමින් එකට රොක්වී සිය ජයග්‍රහණය සැමරූ අතර එහිදී ඇතැමුන් තම බීම බෝතල්වල පානයන් ගුවනට ඉසින ලදී.
Khawaja ද ඔවුන් සමග එකට රොක්වී සිටියද බියර් අතැතිව සිටි අයගෙන් ඈත්ව සිටියේය.

ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයෙන් පසු Oval ක්‍රීඩාංගණයේ ෂැම්පේන් ඉසින සැමරුමක් නොතිබීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය හිටපු දේශපාලනඥයෙකු වන Nigel Farage ට්විටර් පණිවිඩයක් තබමින් සිය විවේචනය ඉදිරිපත් කළේය.
“නැවත වරක් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ෂැම්පේන් සැමරුම් විලාසිතාවෙන් සිය ජයග්‍රහණය සමරන්නේ නැත, මන්ද කණ්ඩායමේ එක් සාමාජිකයෙක් මුස්ලිම් ජාතිකයෙකි. සුළුතරය නිසා අපි හැමෝම සාමාන්‍ය ජීවිතය අත්හිටුවිය යුතුද? ” යනුවෙන් Brexit ව්‍යාපාරය සඳහා කැපවූ Farage සිය ට්විටර් පණිවිඩයෙන් පැවසීය.
Khawaja ඔහුගේ මුස්ලිම් ඇදහිල්ල නිසා මත්පැන් පානය නොකරයි.
Khawaja ගෙන් ගැඹුරු පිළිතුරක්
Khawaja ට එල්ලවන මෙම චෝදනාවට එරෙහිව සමාජ මාධ්‍යවල බොහෝ දෙනා Khawaja ට පක්ෂව සහය පළ කර ඇති අතර coke වීදුරුවක් අතැතිව තම කණ්ඩායමේ ජයග්‍රහණය සමරන තමන්ගේ ඡායාරුපයක් Khawaja සිය Instagram ගිණුමට එක් කර තිබුණේය.
“Diet Coke සමඟ ජය සැමරීම! ඇතැම් පැරණි අදහස් ඇත්තන් ඒකට කියන්නේ Un-Australian කියලා. මම ඒකට කියන්නේ නව ඔස්ට්‍රේලියානුවන් කියලා. සියලු දෙනාටම සරිලන ක්‍රීඩාවක්!" යනුවෙන් ඔහු එහි සටහන් කර තිබේ.
Khawaja ගේ කණ්ඩායමේ සගයන් ඔහුට ගෞරවයක් වශයෙන් ජයග්‍රණය වේදිකාවේ ෂැම්පේන් උත්සවයෙන් වැළකී සිටි පළමු අවස්ථාව මෙය නොවේ.
පසුගිය වසරේ මුල් භාගයේදී, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ෂැම්පේන් බෝතල් සමඟ අළු බඳුන තරගාවලි ජයග්‍රහණය සමරද්දී, Khawaja පසෙකට වුයේය.
සැමරීමට ඔහුගේ නොපැමිණීම දුටු ඔස්ට්‍රේලියානු නායක Pat Cummins, සැමරුමට සහභාගී වීමට Khawaja ව නැවත කැඳවීමට ෂැම්පේන් සැමරුම නතර කළේය.
2011 දී ඔස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට පැමිණි Khawaja ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට පැමිණි පාකිස්තාන සම්භවයක් සහ මුස්ලිම් ඇදහිලි ඇති පළමු පුද්ගලයා බවට පත් වූ විට එය ප්‍රධාන පුවතක් බවට පත් විය.
Khawaja පසුගිය කාලයේ ත්දකින්නට සිදුවූ වාර්ගික සිදුවීම් ගැන ද විවෘතව කතා කර ඇත.
තමා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් දැයි විමසීමට ආරක්ෂක නිලධාරීන් තුන් වතාවක් තමාව නැවැත්වූ බව පසුගිය වසරේ ඔහු කියා සිටියේය.

