SKIP TO MAIN CONTENT

බ්‍රිතාන්‍යයේ හදිසි මැතිවරණයක්.

Theresa May to seek snap election.
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බ්‍රිතාන්‍යයේ හදිසි මැතිවරණයක් එළඹෙන ජුනි 08 වන දින කැඳවන මෙන් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ඊයේ දිනයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

එංගලන්තයේ ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපස දී කෙටි නිවේදනයක් කරමින් බ්‍රෙක්සිට් ජනමත විචාරණය පිළිබඳව සඳහන් කළ අගමැතිනිය, ඉන් අනතුරුව රට යළි එකමුතු වෙමින් තිබෙන නමුත් පාර්ලිමේන්තුවේ එවැනි එකමුතුවක් නොමැති බව සඳහන් කර තිබේ.

යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව සිය ගමන් මග පිළිබඳ නිශ්චිතභාවය, දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වය මේ මොහොතේ බ්‍රිතානයට අත්‍යවශ්‍ය බව ඇය එහිදී සඳහන් කළාය.

කොන්සර්වේටිව්-ලිබරල් සන්ධාන ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ නීතියක් ප්‍රකාර හදිසි මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බැවින් අගමැතිනිගේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් අද දිනයේ (19/04) පැවැත්වීමට නියමිතය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now