ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ උණුසුම මේ වන විට උච්චතම අවස්ථාවට පැමිණ තිබේ.
මෙවර මහ මැතිවරණයේදී ලිබරල් සන්ධානය සහ කම්කරු පක්ෂය අතර කරට කර සටනක් ඇතිවිය හැකි බවට බොහෝ දේශපාලන විචාරකයෝ සහ මත විමසුම් අදහස් පළ කරති.
ඊට අමතරව ස්වාධීන අපේක්ෂකයින් ද මෙවර ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින්ට බරපතල තර්ජනයක් ඇති කරමින් සිටියි.
තත්ත්වය එසේ තිබියදී මෙවර මැතිවරණයේදී ඇතැම් ඡන්ද කොට්ටාස කම්කරු පක්ෂයට සහ වත්මන් ඔස්ට්‍රේලියාවේ පාලන පක්ෂය වන ලිබරල් සන්ධානයට තීරණාත්මක වී තිබේ.
ඒ අනුව මෙම මැතිවරණ ආසන වෙත සියලු දෙනා ඇස ගසාගෙන සිටියි.
පහත දැක්වෙන්නේ මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය තීරණය කරන මැතිවරණ ආසන වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
Parramatta
Parramatta යනු බහු සංස්කෘතික ප්‍රජාවන් වෙසෙන මැතිවරණ ආසනයකි.
මෙය ජයග්‍රහණය කිරීමට ප්‍රධාන පක්ෂ දෙකම අපේක්ෂාවෙන් සිටී.
මෙවර විශ්‍රාම යන කම්කරු පක්ෂ මන්ත්‍රී Julie Owens 2004 වසරේ සිට මෙම ආසනය හොබවා ඇත.
ඇයගේ විශ්‍රාම ගැනීමත් සමග කම්කරු පක්ෂයේ Parramatta ආසනය වෙනුවෙන් මීට පෙර සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශවල ජීවත් වූ Kevin Rudd ගේ හිටපු ආර්ථික උපදේශක Andrew Charlton අපේක්ෂකයා ලෙස පත් කර තිබේ.
ඔහුගේ මෙම පත් කිරීම පැරෂුට් පිම්මක් ලෙස හඳුන්වන අතර එය දැඩි විවේචනයට පවා ලක් විය.
පැරෂුට් කිරීමට කම්කරු පක්ෂය ගත් තීරණය ගසාකෑමේ උත්සාහයකි.
මේ අතර අගමැති මොරිසන් Parramatta ආසනයේ ලිබරල් සන්ධාන අපේක්ෂිකාව ලෙස Maria Kovacic පත් කර තිබේ.
ඇය දේශීය ව්‍යාපාරික කාන්තාවක් වන අතර ඇය දේශීය රග්බි ලීග් සමාජයට දක්වන සහයෝගය නිසා ඇය මේ සඳහා සැබවින්ම සුදුසුකම් සහිත පුද්ගලයා බවත් අගමැති මොරිසන් පවසා තිබේ.
මෙම ආසනය පසුගිය මැතිවරණයේදී 3.5% ක තියුණු පරතරයකින් කම්කරු පක්ෂය ජය ගත්තේය.

Hunter
Hunter යනු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ පිහිටි මැතිවරණ ආසනයකි.
ගල් අඟුරු පතල් කැණීම මෙහි මූලික කාර්යය වන අතර Singleton, Muswellbrook සහ Cessnock යන පළාත් පාලන ප්‍රදේශ මෙය ආවරණය කරයි.
1996 වසරේ සිට මෙම ආසනයේ බලය හොබවමින් සිටි කම්කරු පක්ෂයේ මන්ත්‍රී Joel Fitzgibbon මෙවර විශ්‍රාම යාමට තීරණය කර තිබේ.
ඒ අනුව කම්කරු පක්ෂය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී සහ වෙඩික්කරු Daniel Repacholi මෙහි සිය නව අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇත.
එමෙන්ම ප්‍රජා සම්බන්ධතා කළමනාකරුවකු වන නැෂනල්ස් පක්ෂයේ James Thomson Hunter ආසනය සඳහා ලිබරල් සන්ධානයේ අපේක්ෂකයා ලෙස තරග වදිනු ඇත.
මෙම ආසනය පසුගිය මැතිවරණයේදී 3% ක තියුණු පරතරයකින් කම්කරු පක්ෂය ජය ගත්තේය.

Gilmore
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දකුණු වෙරළ දිග පිහිටි මෙම ආසනය මෙවර මැතිවරණයෙන් ජයගැනීමට ලිබරල් සන්ධානය විශාල බලාපොරොත්තුවකින් පසුවෙයි.
මෙම මැතිවරණ කොට්ඨාසය Kiama, Shoalhaven සහ Eurobodalla හි උතුරු ප්‍රදේශ මෙන්ම 2019-2020 Black Summer ලැව්ගින්නෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ Jervis Bay සහ Batemans Bay අවට ප්‍රදේශ ආවරණය කරයි.2019 මැතිවරනයේදී කම්කරු පක්ෂය මෙම ආසනය ජයග්‍රහණය කළ අතර 1984 සිට මෙම ආසනය දිනාගත් දෙවන අවස්ථාව එය වේ.
ලිබරල් පක්ෂයේ මෙහි අපේක්ෂයා ලෙස Andrew Constance පත් කර ඇති අතර ඔහු Bega ආසනය නියෝජනය කළ හිටපු NSW ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකු වන අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන ඇමැතිවරයාද විය.
ඔහුගේ පුද්ගලික ජනප්‍රියතාව නිසා මෙවර Gilmore ආසනය ලිබරල් සන්ධානයට ජයගැනීමට හැකිවෙතැයි ඔවුහු සිතති.
මෙම ආසනය පසුගිය මැතිවරණයේදී 2.6% ක තියුණු පරතරයකින් කම්කරු පක්ෂය ජය ගත්තේය.

Macquarie
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අවධානය යොමු කළ යුතු තවත් තියුණු ආසනයක් ලෙස Macquarie හැඳින්විය හැකිය.
එය පසුගිය මහ මැතිවරණයේ ඔස්ට්‍රේලියාවේ තියුණුම ජයග්‍රහණය වාර්තා කළ ආසනය බවට පත්විය.
Macquarie ආසනය පසුගිය මහ මැතිවරණයේදී 0.2% කින් කම්කරු පක්ෂය ජය ගත්තේය.

වික්ටෝරියා ප්‍රාන්තය
Chisholm
වික්ටෝරියා ප්‍රාන්තයේ සියලු ඇස් Chisholm ආසනය වෙත යොමු වනු ඇත.
මෙල්බර්න් හි ගිනිකොන දෙසින් පිහිටා ඇති මෙයට Box Hill, Blackburn, Burwood, Ashwood, Chadstone, Mount Waverley, Glen Waverley සහ Wheelers Hill යන උප නගර අයත්ය.
මේ වන විට Chisholm ආසනය හිමිකරගෙන ඇත්තේ ලිබරල් සන්ධානයේ Gladys Liu වන අතර ඇයට එරෙහිව සටනට කම්කරු පක්ෂය යොදවා ඇත්තේ ස්ත්‍රී පුරුෂ භාවය සහ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධියක් ද ඇති ඉතාලි සම්භවයක් සහිත වෘත්තීය සමිති නිලධාරිනියක් වන Carina Garland ය.
හොංකොං හි උපත ලද Gladys Liu 2019 දී මෙය ජයග්‍රහණය කරන විට චීන උරුමය සහිත පහළ මන්ත්‍රී මණ්ඩලයේ පළමු කාන්තා සාමාජිකාව බවට පත්විය.
Chisholm ආසනයේ පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම පාහේ චීන සම්භවයක් සහිත අය බව සඳහන්.
මෙම ආසනය පසුගිය මැතිවරණයේදී 0.5% ක තියුණු පරතරයකින් ලිබරල් සන්ධානය ජය ගත්තේය.

Corangamite
Geelong සහ Torquay අයත් Corangamite ආසනය වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් සමීපව නිරීක්ෂණය කරන ආසනයක් වනු ඇත.
එහි බලය දැනට කම්කරු පක්ෂය හොබවමින් සිටින අතර 1.1% ක පරතරයකින් පසුගියවර එය ජයගත්තේය.
නමුත් ඊට පෙර මෙය ලිබරල් සන්ධානය පහසුවෙන් ජයගත් ආසනයක් විය.
ටස්මේනියා ප්‍රාන්තය
Bassඔස්ට්‍රේලියාවේ දෙවැනියට තියුණුම තරගයක් ඇති ආසනය ලෙස Bass හැඳින්වේ.
මෙය ටස්මේනියාවේ ඊසාන දෙසින් ආවරණය වන අතර Launceston නගරය ඇතුළත් වේ.
මෙම ආසනයේ බලය මේ වන විට ලිබරල් සන්ධානය ලබාගෙන ඇති අතර පසුගිය මැතිවරණයෙන් මෙය ඔවුන් ජයගත්තේ 0.4% ක පරතරයකිනි.
මෙය මෑත ඉතිහාසයේ "ejector seat" එකක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර 1993 සිට මේ දක්වා සෑම මැතිවරණයකදීම පෙර බලයේ සිටි අපේක්ෂකයා මෙහි පරාජය වේ.
හිටපු ප්‍රාදේශීය නගරාධිපති, ලිබරල් මන්ත්‍රී Bridget Archer මෙහි බලය හොබවයි.
Bridget Archer 2019 මැතිවරණයේදී ඇය පරාජය කළ මන්ත්‍රීවරිය වන කම්කරු පක්ෂයේ Ross Hart ට මෙවර මුහුණ දෙනු ඇත.
Ross Hart 2016 මැතිවරණයේදී Bass ආසනය ජයග්‍රහණය කළ Launceston පදනම් කරගත් නීතිඥවරියකි.
මෙයට ආසන්නයේ ඇති Braddon සහ Lyons ආසනද මෙවර මැතිවරණයේදී ඉතා තියුණු බවක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Boothby
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇති එකම තියුණු පරතරයක් ඇති මැතිවරණ ආසනය මෙය වේ.
එය ඇඩිලේඩ් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ඉහළින්, වෙරළ අභ්‍යන්තරයේ සිට ඇඩිලේඩ් කඳුකරය දක්වා විහිදේ.
වසර 1949 සිට ලිබරල් සන්ධානය මෙම ආසනයේ බලය හොබවයි.
මෙහි බලය දැනට ඇත්තේ මෙවර විශ්‍රාම යන ලිබරල් සන්ධානයේ මන්ත්‍රී Nicolle Flint යටතේ වන අතර ඔහු මෙය පසුගිය වර ජයගත්තේ 1.4% ක තියුණු පරතරයකිනි.
මෙවර මැතිවරණයේ දී Boothby ආසනය ලිබරල් සන්ධානයෙන් නියෝජනය කරනුයේ වෛද්‍ය Rachel Swift වන අතර කම්කරු පක්ෂයේ Louise Miller-Frost ඇයට එරෙහිව තරග වදිනු ඇත.
ස්වාධීන මන්ත්‍රී Jo Dyer ද මෙම ආසනය සඳහා තරග වදියි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Pearce
මෙවර කම්කරු පක්ෂය බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙතට විශේෂ අවධානයක් යොමු කළේය.
එහිදී පර්ත් හි උතුරු තදාසන්න ප්‍රදේශ ආවරණය කරන Pearce මැතිවරණ ආසනය ජයගැනීම කම්කරු පක්ෂයේ එක් විශාල අපේක්ෂාවකි.
1990 දී එහි ආරම්භයේ සිටම මැතිවරණ කොට්ඨාශය ලිබරල් පක්ෂය විසින් මෙහි බලය දරනු ලැබුවද, එහි සීමා නැවත සකස් කර තිබේ.
මෙම වෙනස මගින් නගරයේ උතුරු සහ නැගෙනහිර පිහිටි ග්‍රාමීය ප්‍රදේශ වැඩි උප නගරවලින් ප්‍රතිස්ථාපනය කර ඇත.
මෙම ආසනය නියෝජනය කරන ලිබරල් සන්ධාන මන්ත්‍රී Christian Porter මෙවර විශ්‍රාම යයි.
ඒ සඳහා ලිබරල් සන්ධානයෙන් Linda Aitken පත් කර ඇති අතර ඇය Wanneroo නාගරික මන්ත්‍රීවරියක් ලෙස සේවය කර ඇති සායනික හෙද විශේෂඥවරියකි.
කම්කරු පක්ෂයේ අපේක්ෂිකාව වන Tracey Roberts ප්‍රදේශයේ නගරාධිපතිනිය වන අතර මෙහි බලය කම්කරු පක්ෂයට රැගෙන දීමට ඇය වෙහෙස වෙයි.
මෙම ආසනය පසුගිය මැතිවරණයේදී 5.2% ක පරතරයකින් ලිබරල් සන්ධානය ජය ගත්තේය.

Northern Territory
Lingiari
Lingiari හි ආසනය වර්ග කිලෝමීටර් මිලියන 1.3 ක් පමණ ආවරණය වන පරිදි Northern Territory යෙන් 99% කට වඩා ආවරණය කරයි.
Alice Springs සහ Katherine යන ප්‍රදේශවල මෙහි ජනගහනය විශාල වශෙයන් සිටියි.
කම්කරු පක්ෂය බලය දරන මෙම ආසනය නියෝජනය කරමින් දිගු කලක් සේවය කළ මන්ත්‍රී Warren Snowdon මෙවර විශ්‍රාම යයි.
ඔහු දශක දෙකකට වැඩි කාලයක් එම ආසනය නියෝජනය කර ඇත.
කම්කරු පක්ෂයේ මේ සඳහා නව අපේක්ෂකයා හිටපු නියෝජ්‍ය මහ ඇමතිනි Marion Scrymgour ය. NT පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ආදිවාසී කාන්තාව ඇයවේ.
ඇය ලිබරල් සන්ධානයේ Damien Ryan සමග මෙවර තරග කරනු ඇති අතර ඔහු වසර 13 ක් Alice Springs හි නගරාධිපති ලෙස සේවය කළේය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
Flynn
Flynn ආසනයට Gladstone ප්‍රාදේශීය මධ්‍යස්ථානය මෙන්ම Mount Morgan, Monto, Biloela, Moura, Blackwater සහ Emerald යන පතල් ප්‍රදේශ ද ඇතුළත් වේ.
මෙහි වත්මනයේ බලය හොබවන්නේ ලිබරල් සන්ධානය වන අතර Ken O'Dowd මන්ත්‍රීවරයා මෙය නියෝජනය කළේය.
නමුත් ඔහුගේ විශ්‍රාම ගැනීමෙන් පසුව මෙවර ලිබරල් සන්ධානයෙන් හිටපු ලිබරල් ප්‍රාන්ත මන්ත්‍රී Colin Boyce ද කම්කරු පක්ෂයෙන් වත්මන් Gladstone නගරාධිපති Matt Burnett තෝරාගෙන ඇත.

බ්‍රිස්බේන්
බ්‍රිස්බේන් ආසනය මෙවර වඩාත් අනපේක්ෂිත එකක් විය හැකි අතර තරගකරුවන් තුන්දෙනෙක් මෙවර තියනු තරඟයකට මුහුණ දෙයි.
ලිබරල් සන්ධානය වෙනුවෙන් මන්ත්‍රී Trevor Evans ද කම්කරු පක්ෂය වෙනුවෙන් Madonna Jarrett ද ග්‍රීන්ස් පක්ෂය වෙනුවෙන් Stephen Bates ද මෙහි සටනක නිරත වී සිටිති.
මෙහි වත්මන් බලය දරනුයේ ලිබරල් සන්ධාන රජය වන අතර පසුගිය මැතිවරණයේදී 4.9% ක පරතරයකින් ඔවුහු එම ජයග්‍රහණය සටහන් කළහ.

