ඉන්සොම්නියා හෙවත් නින්ද නොයෑමේ රෝගී තත්ත්වයෙන් දශකයක් පමණ කාලයක් ප්‍රියංකා වැන්ඩර්ස්මන් පීඩා විඳ තිබේ.
එක් දරු මවක් වන ඇයට මෙම තත්ත්වය අති විදින්නට වී අත්තේ ආචාර්‍යා උපාධිය හදාරන කාලයේදී රාත්‍රියේ හෙදියක් ලෙස සේවය කරන් සමයේදී ය.ඒ කාලයේ දී ඇය විශ්වාස කොට ඇත්තේ, සුළු නින්දක් පමණක් ලබා ගනිමින් එදිනෙදා කටයුතු කිරීමට යට හැකි බවයි.
"මට සම්පූර්ණ වැඩ මුරයක් හෝ රාත්‍රී රාජකාරියක් කරලා, ආපසු ගෙදර අවිත්, පැය දෙක තුනක් නිදාගෙන, නැවත මගේ ආචර්‍ය උපාධියේ වැඩ කරන්න පුළුවන්. නත්නම් හෙදියක් ලෙස දිවා කාලයේ වැඩ කරලා, රාත්‍රියේදී, ආපහු ගෙදර ඇවිත් මගේ පර්යේෂණ ග්‍රන්ථයේ ඡේද කිහිපයක් ලියන්නටත් පුළුවන්."ඇය SBS ප්‍රවෘත්ති අංශයට පැවසුවාය.
නමුත් සාමාන්‍ය 8-5 රැකියාවක් සොයා ගැනීමෙන් සහ මීට වසර දෙකකට පෙර තම දියණිය ප්‍රසූත කිරීමෙන් පසුවත් Priyankaට මෙම ඉන්සොම්නියා තත්ත්වය සමග කටයුතු කරන්නට සිදු විය.
ඇයට නින්දට යාම චර්යාවක් අනුව කර ගැනීමට හෝ සෑම රාත්‍රියකම නියමිත පැය ගණනක් නිදා ගැනීමට නොහැකි විය
ප්‍රියංකා 2017 Deloitte Access Economics හි Sleep on the Job: Costs of Inadequate Sleep in Australia වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ ඉන්සොම්නියා තත්ත්වයට මුහුණ දෙන 10 දෙනාග් න් 4දෙනාට ඇතුළත්.
මම රෑ 10 ට ඇදට යනවා, නින්ද යනතුරු රාත්‍රි 2,3 වනතුරු එහෙට මෙහෙට පෙරළෙනවා. ඉන් පසුව මගේ ශරීරය හොඳටම වෙහෙසට පත් වී, නිකම්ම නින්ද යනවා.Priyanka Vandersman
දුර්වල ලෙස නිදාගන්නන් හට දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වර්ධනය වීමේ අවදානමක් ඇති අතර ඔවුන්ගේ අකල් මරණ අවදානම ද ඉහළ මට්ටමක පවතියි.
ප්‍රමාණවත් නින්දක් නොමැතිකම නිසා මානසික පීඩනය සහ කාංසාව වැනි මානසික සෞඛ්‍ය ගැටළු ඇති වීමේ අවදානමක් ඇත.
2022 දී, 35 හැවිරිදි වියේ පසුවූ ඇය Flinders University Sleep Institute විසින් ක්‍රියාත්මක කරන ලද ලොව ප්‍රථම පර්යේෂණ ව්‍යාපෘතියක කොටසක් ලෙස සායනික පරීක්ෂණයකට සම්බන්ධ වීමට තීරණය කළාය. එය කොටස් තුනකින් යුත් වැඩසටහන් මාලාවක් ලෙස රූගත කරන ලදී. එම වැඩසටහන; Australia's Sleep Revolution with Dr Michael Mosley. බදාදා සිට SBS හි විකාශනය වනු ඇත
ප්‍රියංකාගේ නින්ද සති අටක් පුරා, නිද්‍රා විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, මනෝ විද්‍යාඥයන් සහ දන්ත වෛද්‍යවරයකු ඇතුළු විශේෂඥයන් පිරිසක් විසින් නිරීක්ෂණය කොට තිබේ.
Flinders විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය Dr Sutapa Mukherjee පැවසුවේ, පර්යේෂණයට සහභාගී වූ 30 දෙනාගෙන් සියයට 80ක පිරිස සති අටක වැඩසටහනෙන් පසු ඔවුන්ගේ නින්ද සම්බන්ධ ගැටළු විසඳා ගත් බවයි.
"මේ අය අවුරුදු 10, 15, 20 ක් තිස්සේ නිදාගැනීමේ ගැටළු ඇති අයයි. සති අටක් හෝ 10 ක් තුළ ඒවා නිවැරදි කිරීමට අපට හැකි විය," ඇය පැවසුවාය.
නින්ද හා සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම එතරම් අපහසු නැත
ඒ සදහා කළ ප්‍රතිකාරවල සරළ බව සහභාගී වූවන්ව පුදුමයට පත් කොට තිබේ.
නින්ද නිරීක්ෂණය කිරීමෙන් පසුව, එක් එක් පුද්ගලයා සඳහා නිශ්චිත ගැටළු වෙන වෙනම හදුනාගෙන ඒවා නිරාකරණය කිරීමට විද්යාඥයින්ට හැකි විය.
ඇතැමුන් හට සිරුර තුළ වූ චර්‍යාව (body clock) ඔවුන්ගේ බාහිර පරිසරය සමඟ නොගැලපෙන
නිසා නින්ද නොයාම සමඟ පොරබදන අතර තවත් සමහරුන්ට හඳුනා නොගත් නින්දේ හුස්ම හිරවීම ගැටළුවක් ව තිබේ. ඇතමුන්ට මේ දෙකේම එකතුවක් ලෙස ඇති වූ ප්‍රශ්න ඇත.
ප්‍රියංකා පැවසුවේ ඇයට පැය 25 ක circadian rhythm එකක් (දිවා සහ රාත්‍රි කාලයට සිරුරේ ඇති සන්වේදීතාවය) ඇති බව විද්‍යාඥයන් තේරුම් ගත් බවයි, එයින් අදහස් කළේ ඇගේ ශරීරය වැඩි වේලාවක් අවදියෙන් සිටීමට නිරන්තරයෙන් උත්සාහ කළ බවයි.
පර්යේෂකයන් ද සොයා ගත්තේ ඇගේ ශරීර උෂ්ණත්වය උදේ 4 වෙනුවට උදේ 6 ට අවම මට්ටමක පවතින බවයි, එනම් ස්වභාවිකවම ශරීර උෂ්ණත්වය අඩු වී පැය දෙක තුනකට පසුව අවදි වීමට පටන් ගන්නා බැවින් ඇය බොහෝ විට උදේ 7 ට හෝ 8 ට අවදි වීමට සූදානම් නැති බවයි.

ඇගේ body clock එක නැවත සකස් කිරීම සඳහා, පර්යේෂකයන් ප්‍රියංකාට උපදෙස් ලබා දුන්නේ නින්දට යාමට පැය දෙකකට පෙර ඇගේ නිවසේ සියලු විදුලි පහන් අඳුරු කරන ලෙස සහ උදෑසනට light therapy කණ්නාඩි පැළඳිය යුතු බවයි.
දිගු සති අන්තයකදී ඔවුන් ප්‍රියංකාට පළමු දිනයේ උදේ 8.30 ට ස්වභාවිකව අවදි වීමට ඉඩ හැරියේය. ඉන් අනතුරුව සෑම දිනකම ඇයට පැයක් කළින් අවදි වීමට උපදෙස් ලබිණි.
ඇය උදෑසන 6.30 ට අවදි වූ පසු, ඔවුන් නින්ද සීමා කිරීමේ ප්‍රතිකාරය ආරම්භ කළා - ඇය ඇඳේ සිටින කාලය මුලින්ම පැය හයකට අඩු කළා, එයින් අදහස් කළේ ඇය අලුයම 12.30 ට නින්දට යන බවයි - ඇය විශ්වාස කළේ එය ඇයගේ මුළු සිරුරටම නව පණක් ලබා දුන්නා කියාය ව්.
පළමු වතාවට රාත්‍රී 9.30ට 10ට පමණ ඇයට නිදිමත දැනෙන්නට විය.
වසරකට පමණ පසු ප්‍රියංකා සිය නිදි චර්යාව පවත්වා ගෙන ඇත. තවත් බොහෝ අය මෙන්, ඇය දැන් තේරුම් ගෙන ඇත්තේ ඇයගේ නින්ද නොමැතිකම නිසා ඇගේ ජීවිතයට වන් බලපෑම ගැන ඇය නොසලකා හැර ඇති බවයි.
"මොළයේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස අවශ්‍ය නොවන සාමාන්‍ය ක්‍රියා සඳහා, මට ඇත්තටම පැය හතරක නින්දක් ප්‍රමාණවත්," ඇය පැවසුවාය.
"නමුත් නින්ද නොමැතිකම ඔබ අවදිව සිටින විට සෑම අංශයකින්ම පාහේ බලපාන අතර, එය, ඔබේ අවධානය අවම කොට ඔබව කුපිත කරවයි."
"මොළයේ ක්‍රියාකාරීත්වය දැඩි ලෙස අවශ්‍ය නොවන සාමාන්‍ය ක්‍රියා සඳහා, මට ඇත්තටම පැය හතරක නින්දක් ප්‍රමාණවත්," ඇය පැවසුවාය.
"නමුත් නින්ද නොමැතිකම ඔබ අවදිව සිටින විට සෑම අංශයකින්ම පාහේ බලපාන අතර, එය, ඔබේ අවධානය අවම කොට ඔබව කුපිත කරවයි."

නින්ද ජාතික ප්‍රමුඛතාවයක් බවට පත් කරන ලෙස ඉල්ලීම්
ඕස්ට්‍රේලියාව තුළ නින්ද පිළිබඳ දැනුවත් කිරීම සදහා වූ 2018 වසරේ පාර්ලිමේන්තු පරීක්ෂණයකින් පසුව, විශේෂඥයන් නිර්දේශ කළේ නින්ද සෞඛ්‍යය ජාතික ප්‍රමුඛතාවයක් විය යුතු බවත් විශේෂයෙන් සේවා මුර අනුව සේවයේ යෙදෙන්නන්ට අදාළ රෙගුලාසි සංශෝධනය කර යාවත්කාලීන කළ යුතු බවත්ය.
The Department of Employment and Workplace Relations පැවසුවේ ප්‍රමාණවත් නින්දක් නොමැතිකම රැකියා කාර්ය සාධනය, ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි ඇති කරන සෘණාත්මක බලපෑම් කෙරෙහි ඕස්ට්‍රේලියානු රජය අවදානය යොමු කරන බවයි.
රැකියාවේ යෙදෙන විට දැනෙන තෙහෙට්ටුවනිසා ඇති වන ආරක්‍ෂිත අවදානම් කළමනාකරණය සදහා සමාලෝචනයක් සිදු කෙරෙන බව Safe work Australia ආයතනය SBS ප්‍රවෘත්ති සේවයට පැවසීය.
Australia’s Sleep Revolution පැවසුවේ ඔස්ට්‍රේලියාවේ සමහර දේශපාලනඥයන් කැන්බරා හි සති දෙකක් පුරා දිගු වේලාවක් වැඩ කරන අතරතුර, ඔවුන්ව නිරීක්ෂණය කිරීමට ලක් කල බවයි. එහුදී ඔවුන්ට ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් ඇතිවන ගැටලු ඉස්මතු කර ගෙන ඇත.
නිරීක්ෂණය අතරතුර, National පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce ගේ තිබූ ඉහල රුධිර පීඩනය භයානක ලෙස තවත් ඉහළයාමක් දක්නට ලැබිණි. සෙනෙට් සභික Jacqui Lambie හට නින්දෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති බව වටහා ගත් අතර, ඒ තත්ත්වය රෝගීන්ගෙන් සියයට 80 ක පමණ හඳුනා ගැනීම සිදු නොවේ.
Sleep Health Foundation විසින් පත් කරන ලද Deloitte Access Economics වාර්තාවකට අනුව, හෘද වාහිනී සහ පරිවෘත්තීය තත්වයන් මෙන්ම මානසික සෞඛ්‍ය තත්වයන් හේතුවෙන් 2019-20 දී මරණ 1,000 කට ආසන්න සංඛ්‍යාවක් නින්දේ විවිධ ආබාධ හේතුවෙන් සිදු වී ඇති බව සොයාගෙන ඇත.
ප්‍රමාණවත් නින්දක් නොමැතිකම හේතුවෙන් 2019/20 දී ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 75.5ක් පමණ ආලාභයක් වී ඇතැයි ගණන් බලා ඇත.
සහකාර මහාචාර්ය මුකර්ජි පැවසුවේ මෙම වැඩසටහන හරහා නින්ද සම්බන්ධ සෞඛ්‍යය තත්‍ත්වය නැවත අපේක්ෂිත මට්ටම කරා ගෙන ඒමේ හැකියාව බලාපොරොත්තු වන බවයි.
ඔබ දිනය ගත කරන ආකාරය සහ ඔබට කොපමණ නින්දක් ලැබෙනවාද යන්න අතර පැහැදිලි සම්බන්ධයක් තිබේ
මුකර්ජි පැවසුවේ ඔබට ප්‍රමාණවත් නින්දක් ලැබෙන්නේද යන්න මැන බැලීම සඳහා හොඳම ක්‍රමය ඔබට මහන්සියක් දැනෙනවාද යන්න මෙනෙහි කිරීම බවයි. නින්ද සහ අනෙකුත් සෞඛ්‍ය ක්‍රම නිරීක්ෂණය කිරීමට ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතය ද උපකාර විය හැක.
එක් රාත්‍රියක් ප්‍රමාද වීමෙන් යමෙකුගේ නින්දට බාධා එල්ල නොවන අතර, කෙනෙක් නින්දට යන වේලාව නිරන්තරයෙන් වෙනස් වන්නේ නම්, මෙය කාලයත් සමඟ ඔවුන්ගේ circadian rhythm එකට බාධා කළ හැකි බව මුකර්ජි පැවසීය.
නිදා ගැනීමට අපහසු පුද්ගලයන් හට මුකර්ජි පැවසුවේකළ යුතු පළමු දෙය නම් වෛද්‍යවරයකු හමුවීම බවයි. ඔවුන්ගේ ගැටළු තවමත් විසඳී නොමැති නම්, නින්ද සම්බන්ධ මනෝවිද්යාඥයෙකු හෝ වෛද්යවරයෙකු වෙත යොමු විය යුතු වේ.
මානසික අවපීඩනයෙන් හෝ කාංසාවෙන් පෙළෙන අයට වඩා හොඳ නින්දක් බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකි බව ද ඇය පැවසුවාය.

