

Feature
Published
Updated
බංග්ලාදේශයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින 21 හැවිරිදි ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු වන Sadman Arafat සතියකට සාමාන්‍යයෙන් පැය 60 ක වැඩ කරයි.
ඔහු සිය නිවාස කුලිය ගෙවීම සඳහා මෙල්බර්න් අවන්හලක සේවය කරන අතර ඇතැම් සති වල පැය 75 දක්වා වැඩ කිරීමට ඔහුට සිදු වේ.
කොවිඩ් වසංගත සමයේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායේ හිඟය පියවා ගැනීම සඳහා ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට රැකියා කළ හැකි කාල සීමාව තාවකාලිකව ඉවත් කරන ලදී.
ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට රැකියා කිරීමට අවසර ලැබෙන කාල සීමාව මෙම වසරේ ජුනි 30 වෙනිදා සිට නැවත ස්ථාපිත කරන බව පසුගිය වසරේ අගභාගයේදී, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කළේය.
මීට පෙර එම කාල සීමාව දෙසතියකට පැය 40ක සීමා කර තිබුණි.
SBS ප්‍රවෘත්ති වෙත ප්‍රකාශයක් නිකුත් කරමින්, ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම රැකියා කාල සීමාව නැවත ස්ථාපිත කරන බව තහවුරු කරන ලදී.
නමුත් ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා රැකියාව සහ අධ්‍යාපනය සමතුලනය කර ගැනීමට වඩාත් සුදුසු දේ කුමක්දැයි යන්න පිළිබඳව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහල පෙලේ ආයතන වලින් උපදෙස් ලබා ගෙන දෙසතියක් සදහා වන රැකියා කාල සීමාව සමාලෝචනය කරන්නට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
SBS ප්‍රවෘත්ති සේවය විසින් Sadman ට මෙම වැඩ කරන පැය ගණන පිළිබඳ නීතිරීති දන්වන තුරු ඔහු
රැකිය කරන පැය ගණන කප්පාදුව කිරීමට බල කෙරෙනු ඇති බව Sadman දැන සිටියේ නැත. එයින් පෙනී යන්නේ මෙම ප්‍රවෘත්තිය ජාත්‍යන්තර සිසුන්ට ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය කර නොමැති බවයි.
මට ජීවත් වීමට සෑම සතියකම අවශ්‍ය අවම මුදල මා සොයා ගත යුතුයි.Sadman Arafat
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන හා පුහුණු අංශයේ ගුණාත්මක භාවය සහ කීර්තිය ආරක්ෂා කිරීමට සහ "ගුණාත්මක" අධ්‍යාපනයක් ලබා ගැනීමට මෙම තීරණය උපකාර වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ජාත්‍යන්තර සිසුන්ගේ රැකියා කළ හැකි කාල සීමාවන් යළි පැනවීම සම්බන්ධයෙන් Madu Damodarasamy දැන සිටි අතර සීමාව නැවත ස්ථාපිත කරන්නේ කවදාදැයි ඇය බියෙන් පසුවේ.
ඉන්දියාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ජාත්‍යන්තර ශිෂ්‍යාවක් වන මධු ඉංජිනේරු කළමනාකාරිත්වය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවේ අවසන් වසරේ ඉගෙනුම ලබන අතර, ඇය විවේක කාලයේදී සතියකට පැය 50ක් දක්වා වැඩ කරයි.
ඇයගේ රැකියා කාලය "ඉතා වෙහෙසකර" බව ඇය පවසන අතර, ඇයගේ කුලිය ගෙවීමට ඇති එකම විසඳුම එය වන බවද පවසයි. ඇයගේ නිවාස කුලිය මසකට ඩොලර් 700 සිට වසරක් තුළ ඩොලර් 1,000 දක්වා ඉහළ ගොස් තිබේ.
මාස හයකට වඩා අඩු කාලයකදී, ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය සමඟ කටයුතු කරන අතරම රජයේ නීතිවලට අනුකූල වීම සඳහා ඇයගේ වැටුපෙන් සියයට 50 කට වඩා කප්පාදු කිරීමට ඇයට බල කෙරෙනු ඇති.
ඇය ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වේ.

Naunihal Singh යනු Madhu සහ තවත් බොහෝ ජාත්‍යන්තර සිසුන් මෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිට ස්ථිර පදිංචිකරුවන් වීමට හෝ වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර ශිෂ්‍යයෙකි.
ඔහු සුපිරි වෙළඳ සැලක රැකියාවේ නිරත වන නිසා බඩු මිල වැඩි වන අයුරු පැහැදිලිව දුටු බව ඔහු පවසයි.
“උද්ධමනය වැඩිවීම නිසා වැටුප් සියයට 8 කින් වැඩි නොවේ. ඉතින්, එය කළමනාකරණය කිරීම ඉතා දුෂ්කර වෙමින් පවතී. ”
වීසා බලපත්‍රලාභීන් සඳහා රැකියා කාල සීමාව ඉක්මනින් පැමිණෙන බව දැන සිටින Naunihal පවසන්නේ යම් මුදලක් ඉතිරි කර ගැනීමේ අරමුණින් ඔහු හැකිතාක් වැඩ කරමින් සිටින බවයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, ඇතැම් අංශ සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ගෙවන අතර, 2022 වසරේ සැප්තැම්බර් අවසන් වන විට සැබෑ වැටුප් වර්ධනය සියයට 3.1 ක් පමණ විය.
1990 න් පසු ඔස්ට්‍රේලියාවේ ඉහළම උද්ධමනය වන 7.8 ක් දක්වා පසුගිය වසරේ දෙසැම්බර් වන විට ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ළග වීම මීට හේතු වී තිබේ.
විවිධ රැකියා කිහිපයක නිරත වීම හේතුවෙන් ඇතැම් ජාත්‍යන්තර සිසුන් විශ්ව විද්‍යාලයේ දී අධ්‍යාපන කටයුතු සදහා අවධානය යොමු කිරීමට අපොහොසත් වන බව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය කවුන්සිලයේ ජාතික සභාපති Yeganeh Soltapour පවසයි.
ඇතැම් සිසුන් අධ්‍යාපනය ලබන අතරතුර පූර්ණ කාලීන රැකියාවල නිරත වන අතර ඇතැමුන් සති අන්තයේ ඉන්ධන පිරවුම්හලක අමතර අනියම් සේවා මුර පවා කරමින් හෝ රාත්‍රියේ කුලී රථ ධාවනය කරමින් සහ ඒ අතර තුර අතර පාඩම් කරන බව ඇය පෙන්වා දෙය.ි

ඇතැම් ජාත්‍යන්තර සිසුන් මීටත් වඩා ඉහළ පීඩනයකට මුහුණ දෙයි. ඇතැම් පවුල් විසින් විශ්වවිද්‍යාල ගාස්තු ගෙවීමට පවුලේ නිවස විකුණා සිසුන් තම මව් රටවලට මුදල් ආපසු එවනු ඇතැයි අපේක්ෂා කරයි.
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ෆිල් හනීවුඩ් පවසන්නේ සමහර විදේශීය සිසුන් ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි.
“ඔස්ට්‍රේලියාවේ ආසියානු උප මහාද්වීපයේ සිට පැමිණි සිසුන් විශාල සංඛ්‍යාවක් සිටී. ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව ඇතුළු රට වලින් පමිණි සමහරු විවිධ රැකියා ගණනාවක් කරන අතර සතියකට පැය 100 ක් දක්වා වැඩ කරයි."
සිසුන් දිවා රෑ දෙකේම අර්ධකාලීන රැකියා දෙකක් හෝ තුනක වැඩ කරන්නේ නම්, ඇත්ත වශයෙන්ම ඔවුන් මත ඇති පීඩනය අතිමහත් වන බව ඔහු පෙන්වා දෙයි.
ආචාර්ය මොහින්ද්‍රා 2009 දී උතුරු ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇත.
ඉන්දියාවෙන් පමිණි සංක්‍රමණිකයෙකු ලෙස, ඇය ඉන්දියානු සංස්කෘතිය සහ චාරිත්‍ර වාරිත්‍ර හොඳින් දන්නා බවත් විදේශයන්හි ඉගෙනුම ලබන සමහර තරුණයින්ගේ පවුල් පළමු දිනයේ සිටම ඔවුන් තමාට මුදල් එවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇය පැවසුවාය.
ඔස්ට්‍රේලියානු වැටුප් ඉතා ඉහළ බවත්, ඩොලරයේ අගය ඉන්දීය රුපියලට වඩා ඉතා ශක්තිමත් බවත් දන්නා නිසා ඇතැම් ඉන්දියානු පවුල් තම දරුවා ඔස්ට්‍රේලියාවට යැවීමට සිය නිවස විකිණීම වැනි බොහෝ කැපකිරීම් කර තිබේ. එමෙන්ම ඔවුන් දරුවාගෙන් බොහෝ දේ බලාපොරොත්තු වේ.

කොවිඩ් වසංගත සීමාවන් ලිහිල් වන විට, ජාත්‍යන්තර සිසුන් නැවත ඕස්ට්‍රේලියාවට පැමිණි අතර , තෘතීයික අධ්‍යාපන අංශයට බඳවා ගත් සිසුන් ගණන ඉහළ ගොස් තිබේ.
පසුගිය මාස හය තුළ, වාර්තාගත ශිෂ්‍ය වීසා සංඛ්‍යාව 334,262 ක් ලබා දී ඇති අතර එය කොවිඩ් වසංගත කාලසීමාවට පෙර කාලයට වඩා සියයට 23 ක වැඩිවීමක් වේ.
ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ වැඩ කිරීමට ඉඩ දීම ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායට වටිනා කුසලතාවන් සපයයි. ඔවුන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය තුළ සිසුන්ගේ සමාජ සහ අධ්‍යාපනික අත්දැකීම් වැඩි දියුණු වේ. කෙසේ වෙතත්, සෑම විටම අධ්‍යාපන කටයුතු වලට සහභාගි විය යුතු බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා SBS ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය.
චීනය මෑතකදී තම පුරවැසියන්ට විදේශීය විශ්ව විද්‍යාල වල online ක්‍රමයට අධ්‍යාපනය ලැබීම තහනම් කළ අතර ඒ අනුව 40,000 ක් දක්වා සිසුන්ට ඔවුන්ගේ සුදුසුකම් සම්පූර්ණ කිරීමට ඔස්ට්‍රේලියාවට පැමිණීමට සිදු විය.
2022 දී ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා ප්‍රමුඛතම රට චීනය වූ අතර චීනයේ සිසුන් 155,348 ක් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීය. ඉන්දියාව (සිසුන් 99,739) සහ නේපාලය (සිසුන් 56,847) ඔස්ට්‍රේලියාවේ චීනයට පසුව වැඩිම ජාත්‍යන්තර සිසුන් පැමිණි රටවල් වේ.
SBS ප්‍රවෘත්ති සේවය SBS Punjabi සමඟ එක්ව නිෂ්පාදනය කරන ලද ලිපියක් ඇසුරෙනි.