Highlights
- ඔබ Triple Zero (000) ඇමතීමට අවශ්‍ය වන්නේ ජීවිතයට තර්ජනයක් වන හෝ තීරණාත්මක හදිසි අවස්ථාවකදී පමණි.
- හදිසි නොවන සිදුවීම් සඳහා පොලිසිය සම්බන්ධ කර ගැනීමට, පොලිස් සහය අංකය (131 444) අමතන්න.
- හදිසි උපකාර ඉල්ලා සිටින විට ඔබේ ස්ථානය ඉක්මනින් සහ නිවැරදිව හඳුනා ගැනීමට ඔබට උපකාර කිරීමට ජංගම දුරකථනවල මෙවලම් තිබේ.
ඕස්ට්‍රේලියාවේ, Triple Zero (000) යනු ඔබගේ ජීවිතයට යම් තර්ජනයක් වන හෝ පවතින සීමිත වෙලාව පිළිබඳ තීරණාත්මක අවස්ථාවකදී ගිලන් රථ, ගිනි නිවන සේවා හෝ පොලිසිය සඳහා ඇමතීමට හැකි ජාතික හදිසි සේවා අංකයකි.
හදිසි සේවා විදුලි සංදේශ අධිකාරියට (ESTA) අනුව, 2019-2020 යන කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් Triple Zero (000) වෙත දිනකට ඇමතුම් 7,600කට අධික ප්‍රමාණයක් ලැබී තිබේ. එය සෑම තත්පර 11කටම එක් ඇමතුමකි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසියේ PoliceLink හි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ සැරයන් Kristy Walters පවසන්නේ හදිසි අවස්ථා වලදී පමණක් Triple Zero (000) ඇමතීමෙන් මෙලෙස Triple Zero (000) වෙත ලැබෙන ඇමතුම් පරිමාව අඩු කර ගැනීමට මිනිසුන්ට උපකාර කළ හැකි බවයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
එමෙන්ම යමකුට හදිසි අවස්ථාවකදී, හදිසි නොවන අයකුගේ ඇමතුමක නිලධාරියකු සිටිය හොත් හදිසි උපකාර අවශ්‍ය පුද්ගලයා හට මෙහිදී අවශ්‍ය උපකාර ප්‍රමාද වීමක් සිදු වන බවත් Kristy පෙන්වා දෙයි.
පොලිසිය සඳහා Triple Zero (000) ඇමතිය යුත්තේ කුමන අවස්ථාවකදීද?
ජ්‍යෙෂ්ඨ සැරයන් Kristy පවසන්නේ ඔබ හෝ වෙනත් අයෙකු හදිසි අනතුරකට පත්ව සිටින විට Triple Zero (000) ඇමතීම වැදගත් වන බවයි.
අපරාධයක් සිදුවෙමින් පවතින විට හෝ ඔබ අපරාධයක් දුටු විට ඔබ Triple Zero (000) ඇමතීම අවශ්‍ය වන අතර ඒ ඔස්සේ අපරාධකරුව අත්අඩංගුවට ගැනීමට පොලිසියට වැඩි අවස්ථාවක් පවතී.
වෙනත් අවස්ථා වලදී වන පොලිස් අධාරක සේවාව
සොරකම්, දේපළ අස්ථානගතවීම හෝ සුළු දේපළ හානි වැනි සුලු අපරාධ සහ හදිසි නොවන සිදුවීම් 131 444 යන පොලිස් සහය අංකයට දැනුම් දිය යුතු බව වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් අධාරක සේවාවෙහි වැඩබලන සැරයන් Katie Fish පෙන්වා දෙයි.

උදාහරණයක් වශයෙන් ඔබේ යතුරුපැදිය හෝ ඔබේ මෝටර් රථය, ඔබේ රථයේ අංක තහඩු හෝ ඕනෑම දෙයක් සොරකම් කර ඇත්නම් මෙන්ම ඔබ නිවසින් බැහැරව සිටියදී කවුරුන් හෝ ඔබේ නිවසේ භාණ්ඩ සොරකම් කර ඇත්නම් ඒ සියලු දේ ඔබට 131 444 යන දුරකථන අංකයට වාර්තා කළ හැක.
එමෙන්ම සුලු මෝටර්රථ අනතුරකදීද එය පොලීසියට වාර්තා කිරීමට අවශ්‍ය නොවේ.
මේ සම්බන්ධයෙන් Kristy පවසන්නේ කිසිවෙකුට තුවාල සිදු නොවන සහ මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැනි දේවල් සම්බන්ධ නොවන සුලු මෝටර් රථ අනතුරක් සඳහා, සාමාන්‍යයෙන් පොලිසියට යාමට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම ඔබ එඅනතුරට පත් වූ අනෙක් රියදුරු සමඟ ඔබේ විස්තර හුවමාරු කර ඔබේ රක්ෂණ සමාගම් හරහා ඉදිරියට යාම සිදු කල හැකි බවත් Kristy පෙන්වා දෙයි.

කෙසේ නමුත් යම් මෝටර් රථ අනතුරකින් යමෙකුට තුවාල සිදුවුවහොත් හෝ එම අනතුර හේතුවෙන් මෝටර් රථ ගමනාගමනයට බාධා සිදු වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් වහාම Triple Zero (000) වෙත වාර්තා කළ යුතු වේ.

තම සහකරුගේ හෝ යමකුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමකින් ක්ෂණික අනතුරකට ලක්වන ඕනෑම අයකුට Triple Zero (000) ඔස්සේ පොලිසියට ඇමතිය හැකි බව වැඩබලන සැරයන් Katie අවධාරණය කරයි.
පවුල් ප්‍රචණ්ඩත්වය අපරාධයක් වන අතර මෙලෙස Triple Zero (000) ඇමතීමෙන් පොලිසියට පැමිණ ඔබට ආරක්ෂාව සැපයීමට සහාය විය හැක.
නිවසකට හෝ දේපළකට සැලකිය යුතු හානියක් සිදු වූ නමුත් කිසිවකුගේ ජීවිත තර්ජනාත්මක තත්ත්වයක නොමැති නම් හෝ ගංවතුර, කුණාටු හෝ නාය යෑම් වැනි හදිසි කාලගුණික ආශ්‍රිත සිද්ධි වලදී Triple Zero වෙනුවට 132 500 යන දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය හදිසි සේවාව (SES) සම්බන්ධ කර ගත යුතු වේ.

ඔබට ලබාගත හැකි පරිවර්ථන සේවා
මෙම Triple Zero (000) සහ පොලිස් අධාරක සේවා ලබාගැනීමේදී ඔබට අවශ්‍ය භාෂාව සඳහන් කළ පසු ඉංග්‍රීසි කතා කිරීමට නොහැකි ඇමතුම්කරුවන්ට නොමිලේ පරිවර්තන සේවා ලබාගත හැක.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
එමෙන්ම ජ්‍යෙෂ්ඨ සැරයන් Kristy ජනතාවට අවධාරණය කොට සිටින්නේ Triple Zero (000) ඇමතීමේදී සෑම විටම සන්සුන්ව සහ අවධානයෙන් සිටින ලෙසයි. එමෙන්ම අදාළ නිලධාරීන් අසන ප්‍රශ්නවලට සවන් දීම සිදු කල යුතු අතර උපකාර අවශ්‍ය පුද්ගලයා සිටින ස්ථානය කුමක්ද යන්න සේවා නිලධාරීන් අසන වැදගත්ම ප්‍රශ්නයයි.
උපකාර අවශ්‍ය විට ඔබ සිටින ස්ථානය නිසි ලෙස නොදන්නේ නම් නිලධාරීන් හට සේවා ලබාදීමට කල් ගත වීම සිදු වේ. මේ හේතුවෙන් මෙම සේවාව ඇමතීමේදී ඔබ සිටින ස්ථානය පිළිබඳව වෙනත් අයකුගෙන් ඇසීම වැදගත් වන අතර Emergency Plus app එක බාගත කිරීම ඔස්සේත් ඔබ සිටින ස්ථානය දැනගත හැක.

ඔබ සිටින ස්ථානය සොයාගැනීමට උපකාර කල හැකි ජංගම දුරකථන app
(Emergency+) යන ජංගම දුරකථන app එක සහ Advanced Mobile Location සේවාව ඕස්ට්‍රේලියාව පුරා ඉතා ඉක්මනින් සහ නිවැරදිව Triple Zero (000) ඇමතුම්කරුවන්ට ඔවුන්ගේ ස්ථාන හඳුනා ගැනීමට සහාය වීමට ඕස්ට්‍රේලියානු රජය විසින් නිර්දේශ කරන ලද ජංගම දුරකථන මෙවලම් වශයෙන් හැඳින්විය හැක.
සැරයන් Katie පෙන්වා දෙන්නේ Triple Zero (000) ඇමතීමට පෙර හොඳින් සිතා බලන ලෙසයි. එමෙන්ම ඔබ අනවශ්‍ය අවස්ථා වලදී මෙම Triple Zero (000) ඇමතීම මගින් ජීවිත බේරාගැනීමට වන අවස්ථා මගහැරීමටත් ඉඩ පවතින බැවින් එය හදිසි අවස්ථාවක් යැයි ඔබ නොසිතන්නේ නම්, 131 444 ඇමතීම සුදුසු වන බව Katie පවසයි.
පරිවර්ථන සේවා සඳහා 131 450 අමතන්න.
ගෘහස්ථ හිංසනය සඳහා උපකාර පැතීමට 1800RESPECT (1800 737 732) අමතන්න.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න

