SKIP TO MAIN CONTENT

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද පුපුරා යාම සම්බන්ධව පාර්ශව දහතුනකට චෝදනා

FILE - In this Monday, Dec. 9, 2019, file photo provided by Lillani Hopkins, shows the eruption of the volcano on White Island off the coast of Whakatane, New Zealand. (Lillani Hopkins via AP, file)
Smoke rises into the air following the eruption of the White Island volcano off the coast of Whakatane, New Zealand. Source: Lillani Hopkins

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

නවසීලන්ත "වර්ක් සේෆ්  ආයතනය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මසදී වයිට් අයිලන්ඩ් ගිනි කන්ද පුපුරා යාම සම්බන්ධයෙන් පාර්ශව දහතුනකට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

ඉන් පාර්ශව දහයක් සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 1.5 ක උපරිම දඩයකට සහ සේවා ස්ථාන සෞඛ්‍ය හා සුරක්ෂිතතාව පිළිබඳ පනත ( health and safety at work Act)  යටතේ චෝදනා වලට මුහුණ දීමට සිදුවේ.

වර්ක් සේෆ් හි ප්‍රධාන විධායක ෆිල් පාක්ස් පවසන්නේ නවසීලන්ත නීති යට අනුව මෙම චෝදනා වනට ලක්වුණු පාර්ශව කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල නොහැකි බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මසදී නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් ගිනි කන්ද පුපුරා යාමේ සිද්ධියෙන් ඕස්ට්‍රේලියානුවන් 14 දෙනෙකු ඇතුළු පුද්ගලයින්  විසි දෙදෙනෙක්  මිය ගියහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now