ඕස්ට්‍රේලියාවේ "වසංගත නිවාඩු ආපදා ගෙවීම්" ජන:18 සිට වෙනස් වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/වාර්තා)

ජනවාරි මස 18 වැනිදා සිට වෙනස්කම් සඳහා බඳුන්වන කොවිඩ් වසංගත නිවාඩු ආපදා ගෙවීම් සම්බන්ධයෙන් සහ ඔබ ඒවා ලබාගැනීමට කලයුතු දේ සම්බන්ධයෙන් මෙම ලිපියේ ඇතුලත් වේ.

Australian dollar notes

Paper currency. Australian money. Source: Getty Images

යම් පුද්ගලයකු කොවිඩ් වැළඳීම හේතුවෙන් හුදකලා වියයුතු කාලසීමාව 2022 වසරේ ජනවාරි මස 18 වැනිදා සිට ආරම්භ වන්නේ නම් පහත දැක්වෙන වෙනස්කම් අදාළ වන බව Service Australia වෙබ් අඩවිය පවසයි.


Highlights

  • වසංගත නිවාඩු ආපදා ගෙවීම් වෙනස් වන අයුරු 
  • වසංගත නිවාඩු ආපදා ගෙවීම් ලබාගැනීමට කලයුතු දේ

කොවිඩ් සමීප ආශ්‍රිතයින්

ඔබ කොවිඩ් සමීප ආශ්‍රිතයකු වීමට, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධාරියෙකු දැනුම් දීමට අවශ්‍ය නොවේ.

  • කොවිඩ් වෛරසයට ධනාත්මක වන පුද්ගලයකු සමග, වෛරසය වැළඳී සිටියදී වාසය කරයි නම් 
  • කොවිඩ් වෛරසයට ධනාත්මක වන පුද්ගලයකු සමග, වෛරසය වැළඳී සිටියදී පැය 4කට වැඩි කාලයක් එකම ස්ථානයක ගත කොට ඇත්නම්

ඔබ කොවිඩ් සමීප ආශ්‍රිතයකු වශයෙන් සැලකේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


නිවාඩු ආපදා ගෙවීම් සඳහා වත්කම් පරීක්ෂණය

ඔබ මෙම වසංගත නිවාඩු ආපදා ගෙවීම් ලබාගැනීමට අවශ්‍ය කාලපරිච්ඡේදයේ පළමු දිනයේ දී ඔබට ඩොලර් 10,000ට වඩා අඩු "ද්‍රවශීල වත්කම්" තිබිය යුතුය.

(ද්‍රවශීල වත්කම් යනු මුදල් හෝ ඉතුරුම් වැනි පහසුවෙන් මුදල් බවට වෙනස් කළ හැකි වත්කම් වලින් ලබාගත හැකි ඕනෑම අරමුදලක් වේ)

Australian Dollars.
Australian Dollars. Source: RBA

වසංගත නිවාඩු ආපදා ගෙවීම් සඳහා සිදුවන වෙනස්කම්

ඔබ මේ සඳහා සුදුසුකම් ලැබුවද ඔබට ලබාගත හැකි මුදලේ ප්‍රමාණය වෙනස් වේ.

ඔබ ස්වයං හුදකලා කාලසීමාවේ, නිරෝධායන හෝ කොවිඩ් ආසාදිතයකු සඳහා රැකවරණය ලබාදෙන සෑම දින 7ක කාලයක් සඳහාම ජනවාරි මස 18 වැනිදා සිට පහත පරිදි ගෙවීම් සිදු වේ.

  • ඔබට අවම වශයෙන් පැය 8ක් හෝ සම්පූර්ණ දිනක පැය ගණන අහිමි වී ඇත්නම් (නමුත් පැය 20කට වඩා අඩුවෙන්) ඔබට $450ක් සඳහා අයදුම් කල හැක.
  • ඔබට පැය 20ක් හෝ ඊට වඩා වැඩි පැය ගණනක් අහිමි වී ඇත්නම් ඔබට $750ක් සඳහා අයදුම් කල හැක.

නමුත් ඔබ ස්වයං හුදකලාව, නිරෝධායනය සිදු කරන හෝ රැකවරණය ලබාදෙන දින 7ක කාලසීමාව තුළ ඔබට පැය 8කට වඩා අඩුවෙන් හෝ සම්පුර්ණ දිනක පැය ගනනට වඩා අඩුවෙන් අහිමි වී ඇත්නම් ඔබට මෙම ගෙවීම සඳහා සුදුසුකම් නොලබයි.

Covid isolation young people
Source: Getty Images/Xesai

මෙම වසංගත නිවාඩු ආපදා ගෙවීම් සඳහා හිමිකම් පෑමේ කාල සීමාවේ වෙනස්කම්

ස්වයං හුදකලා වීම, නිරෝධායනය හෝ කොවිඩ් ආසාදිතයකුට රැකවරණය ලබාදෙන සෑම දින 7 ක කාල සීමාවක් ආරම්භ වී දින 14ක් ඇතුළත ඔබ හිමිකම් පෑමක් ඉදිරිපත් කළ යුතු වේ.

ඔබට myGov වෙබ් අඩවිය හරහා ඔබේ Centrelink ගිණුම භාවිතයෙන් මෙම ගෙවීම් සඳහා හිමිකම් පෑමට හැකි වනු ඇත. ඔබට myGov ගිණුමක් නොමැති නම්, ඔබට online මාර්ගයෙන් myGov ගිණුමක් විවෘත හැක.

වසංගත නිවාඩු ආපදා ගෙවීම් සඳහා හිමිකම් පෑමේ සම්පූර්ණ සුදුසුකම් නීති සඳහා පිවිසෙන්න

READ MORE

 


2 min read

Published

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now