ගෙදර rent එක තාමත් ගණන්ද? ඕස්ට්‍රේලියාවේ ගෙවල් කුලිය ලඟදි අඩු වුන අලුත්ම පැති මෙන්න

ඔබෙත් කුලී නිවාස මිළ ඉහළ ගිහින් ද? ඔස්ට්‍රේලියාව පුරා කුලී නිවාස මිළ පහත දැමූ ප්‍රදේශ මෙතනින් දැන ගන්න

A Victorian house with a For lease sign out the front of the property.

Households on a median income can only afford to rent 39 per cent of properties advertised, according to the latest PropTrack report. Source: AAP / David Crosling

Key Points
  • පසුගිය මාස 12 තුළ ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිළ ගණන් පහත වැටී තිබේ. CoreLogic දත්ත වාර්තා හරහා එම ස්ථාන හෙළි කර තිබේ.
  • නිවාස සහ ඒකක වශයෙන් ඉතුරුම් ප්‍රමාණ වෙනස් වන අතර ඇතැම් තදාසන්න ප්‍රදේශවල වාර්ෂිකව සියයට 11ක කුලී මිළ ගණන් අඩුවීමක් පෙන්නුම් කරයි.
කුලී නිවාස මිළ වාර්තාගත ලෙස අඛණ්ඩව ඉහළ යන පසුබිමක, මිළ යළිත් පහත වැටීම නිසා ඇතැම් ඕස්ට්‍රේලියානුවන් හට තරමක් සහනදායී තත්ත්වයක් මේ වනවිට උදාවී තිබේ.

පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශයන්හි කුලී නිවාස මිළ 11% ක් තරම් පහත වැටී ඇති බව නව දත්ත පෙන්වා දෙයි.

ඇතැම් ප්‍රදේශවල කුලී මිළ පහත වැටුණද, රට පුරා ඕස්ට්‍රේලියානුවන්ට දැරිය නොහැකි තරම් වූ කුළී අයකිරීම් ඇති නිවාස විශාල සංක්‍යාවක් තවමත් තිබෙන බව වාර්තා වේ.
කුලී නිවාස මිළ අඩු වී ඇත්තේ කුමන ප්‍රදේශවලද?

ඕස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගැනීමට හොඳම ප්‍රදේශය ලෙස Hobart හෝ ACT දැක්විය හැක. තදාසන්න ප්‍රදේශවලින් 50% සිට 80% දක්වා නිවාස වල සහ unit වල කුලී මිල පහත වැටී ඇත.

CoreLogic දත්ත පෙන්වා දෙන්නේ ප්‍රාන්තය සහ නිවාස වර්ගය අනුව 3% සිට 12% දක්වා කුලී නිවාස මිළ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

Tasmania හි ප්‍රාදේශීය ස්ථානවල නිවාස සඳහා, විශාලතම ඉතුරුම් දැකිය හැකි වන අතර, Honville සහ Cynet පදිංචිකරුවන් වසරකට පෙර ගෙවූ මුදලට වඩා දළ වශයෙන් 8%ක් අඩුවෙන් නිවාස සදහා කුළී මුදල් ගෙවීම සිදු කරයි.

මෙල්බර්න් හි Flinders ප්‍රදේශයේ කුලී නිවැසියන්, නිවසක් සඳහා 6.8%ක් හෝ ඩොලර් 72ක් අඩුවෙන් ගෙවීම් කරන බව වාර්තා වේ.
A list of major cities in Australia and the percentage of suburbs which have seen a decrease in rental prices.
Hobart හි, Sandy Bay, Brighton, Rosetta සහ Montrose හි නිවාස කුලිය සාපේක්ෂව අඩු බැවින් කුලී නිවැසියන්ට 5%ක් හෝ 6%ක් අතර මුදලක් ඉතිරි කර ගත හැකි බව වාර්තා වේ. Canberra හි Farrer සහ Macquare ප්‍රදේශවල දැඩි ලෙස මිළ පහත වැටීම් දක්නට ලැබේ.

නිවාස ඒකක සඳහා, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කුලී නිවැසියන් ඩොලර් 80 ක් හෝ 11.5% ක් අඩුවෙන් ගෙවගෙවීම මේ වනවිට සිදු කරයි. ඒ අතර Surf Beach, Bogoangar සහ Batehaven ප්‍රදේශ වල ද කුලී නිවාස මිල ගණන් සැළකිය යුතු ලෙස පහත වැටීමක් වාර්තා වේ.

Greater Hobart හි Lenah Valley, New Town සහ Sandy Bay ප්‍රදේශ වල වාර්ෂිකව නිවාස කුලිය අඩු වර්ධනයක් පෙන්වා ඇති අතර, එම වර්ධනය අනුපිළිවෙලින් 5.6%, 5.3% සහ 4.2% කින් පහත වැටි තිබේ.

ACT හි, Cassey, Taylor සහ Holt යන ප්‍රදේශ වල unit සඳහා සියයට 2 සිට 3 දක්වා අඩුවීමක් දක්නට තිබේ.
Bar chart showing how much rent has gone up or down in a year per city.

ජාතික වශයෙන් නිවාස කුලී අය කිරීම ඉහළ ම මට්ටමක

දේපළ වෙළඳාම් දත්ත සමාගමක් වන PropTrack හි Rental Affordability වාර්තාවට අනුව, ජාතික වශයෙන්, වාර්තාකරනය ආරම්භ කල කාලයේ සිට මේ දක්වා නිවාස කුලී අය කිරීම ඉහළම මට්ටමේ පවතී.

ඔවුන්ගේ දර්ශකය හරහා 2023 ජූලි සහ දෙසැම්බර් මාස අතර ප්‍රචාරණය කරන ලද කුලී නිවාස සම්බන්ධයෙන් අවධානයක් යොමු කොට තිබේ.

වසරකට ඩොලර් 110,000 ක මධ්‍ය ආදායමක් ඇති පවුල් වලට කුලියට ගත හැක්කේ පවතින දේපලවලින් සියයට 39 ක් පමණක් බව නවතම PropTrack Rental Affordability වාර්තාව සොයා ගෙන ඇත.
එය NSW හි ජීවත් වන අයට, වසර 17ක් තුළ දක්නට ලැබුණු අඩුම නිවාස කුලී අය කිරීමයි.

තම ආදායමෙන් හතරෙන් එකක් නිවාස සඳහා වැය කරන සාමාන්‍ය පවුලක් මත මෙම සංඛ්‍යාලේඛන පදනම් වී ඇත.

වසරකට ඩොලර් 49,000ක් උපයන පවුලක් සඳහා, ආදායමට සරිලන පරිදි කුලියට ගැනීමට කුලී නිවාස නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.

PropTrack හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Angus Moore පැවසුවේ කෝවිඩ් වසංගතයෙන් පසු නිවාස කුලී මිල ගණන් 38% කින් ඉහළ යාමෙන් මෙම තත්ත්වය උදාවූ බවයි
ජනතාවට දැරිය නොහැකි ලෙස කුලී නිවාස මිළ සැළකිය යුතු ලෙස ඉහළයාම සිදුවී ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසුවය, ඔවුන්ගේ වැටුප් ඊට සාපේක්ෂව වැඩි වීමක් සිදු නොවී ඇති බව ඔහු පෙන්වා දෙයි.

වික්ටෝරියා හි වඩාත්ම ස්ථාවර නිවාස කුලී තත්වයක් ඇති නමුත්, පසුගිය මාස 12 සිට 18 දක්වා කාලය තුළදී ප්‍රචාරනය කරන ලද කුලී නිවාස වල සියයට 18.3ක වැඩිවීමක් දක්නට ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් Angus Moore කියා සිටින්නේ දිගු කාලීනව කුලී මිල ඉහළ යාම පිළිබඳ අවධානයක් යොමු කිරීමේදී, කුලී නිවාසවල ඉල්ලුමට සරිලන සැපයුම ඉහළ නැංවීම ඉතා වැදගත් වන බවයි.

Share

Published

By Ewa Staszewska
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service