Highlights
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොරෝනා අවදානම ගැන බලධාරීන් දැඩි විමසිල්ලෙන්
- ඉන්දියාවෙන් පැමිනෙන ගුවන් යානා නැවත්වීම ජාතිවාදී ක්‍රියාවක් බවට එල්ලවන චෝදනා ඕස්ට්‍රේලියානු විදේශ ඇමති ප්‍රතික්ෂේප කරයි
- මෙවර අයවැය, බලාපොරොත්තු වුවාට වඩා වෙනස් වන ළකුණු
- මෙවර අයවැයෙන් ඩොලර් බිලියන 1.7 ක ළමා ආරක්ෂණ පැකේජයක්
- ටස්මෙනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිපල සඳහා තවත් දින කිහිපයක්
- Lockdown නොයන ඉන්දියාවෙන් අඛණ්ඩව දින 11ක් පුරා, දිනකට ආසාදිතයින් ලක්ෂ 3ක්
- රුසියාවෙන් එල්ල වන තර්ජන වලට මුහුණ දීමට G7 සමුළුවෙන් සැලසුම්
- ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟයේ සිව් වන දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව ඉදිරියෙන්
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ කොරෝනා අවදානම ගැන බලධාරීන් දැඩි විමසිල්ලෙන්
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ හෝටල් ආරක්ෂක නිලධාරියකුට සහ ඔහු සමග ජීවත් වන පුද්ගලයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග එම ප්‍රාන්ත සෞඛ්‍ය අංශ දැඩි අවධානයකින් පසු වේ.
කෙසේ නමුත් මෙම සිදුවීම හේතුවෙන් පර්ත් සඳහා Lockdown තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන නොමැත.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ Perth සහ Peel යන ප්‍රදේශයන්හි රාත්‍රී සමාජශාලා තවදුරටත් වසා තැබෙන අතර ප්‍රාන්ත වැසියන් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත මහජන සෞඛ්‍ය මෙහෙයුම් අංශ ප්‍රධානි Ben Scalley සඳහන් කොට සිටින්නේ පුද්ගලයින් තමන් ගමන් ගන්නා ස්ථාන සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවියයුතු අතර, අවදානම් සහිත ප්‍රදේශයක් වෙත තමන් ගමන් කොට ඇතිනම් දින 14ක් යනතුරු රෝගලක්ෂණ සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් පසුවන ලෙසයි.
ඉන්දියාවෙන් පැමිනෙන ගුවන් යානා නැවත්වීම ජාතිවාදී ක්‍රියාවක් බවට එල්ලවන චෝදනා ඕස්ට්‍රේලියානු විදේශ ඇමති ප්‍රතික්ෂේප කරයි
ඔස්ට්‍රේලියනුවන්ගේ ආරක්ෂාව උදෙසා ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානා තාවකාලිකව නවතා දැමීම සහ ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් ඉන්දියාවේ සිට පැමිණෙන ඕස්ට්‍රේලියානුවන් හට දඩ හෝ සිරදඩුවම් ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට දිගින් දිගටම චෝදනා එල්ල වෙමින් පවතී.
අවම වශයෙන් ලබන 15 වැනිදා දක්වාවත් ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානා නවතා දැමීමට ගත් මෙම තීරණය ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් ගත් ජාතිවාදී ක්‍රියාවක් බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Marise Payne සඳහන් කොට සිටින්නේ මෙය තාවකාලික තීරණයක් පමණක් වන බවයි.
එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ මේ වන විට පවතින දත්ත මත පසුගිය මසදී කොරෝනා වෛරසයට ධනාත්මක වුයේ ඉන්දියාවේ සිට නැවත පැමිණි 10%ක පමණ පිරිසක් වන අතර මේ වනවිට එය 57%ක් දක්වා සීග්‍ර ලෙස වර්ධනය වී ඇති බවයි.
මෙවර අයවැය, බලාපොරොත්තු වුවාට වඩා වෙනස් වන ළකුණු
මෙම මස 11 වනදා ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා සිය අයවැය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එය මීට මාස කිහිපයකට පෙර බලාපොරොත්තු වුවාට වඩා සැලකිය යුතු ලෙස වැඩිදියුණු වූ අයවැය තත්වයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
Deloitte Access Economics පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ආර්ථික අවපාතයෙන් පසු, භාණ්ඩාගාරය උපකල්පනය කළ ප්‍රමාණයට වඩා වේගයෙන් පුද්ගලයින් රැකියා සඳහා නැවත පැමිණීමේ ප්‍රවණතාවයක් පවතින බවයි. එමෙන්ම යපස් මිල ඉහළ යාම සහ පුද්ගලයින්ගේ වියදම් කිරීමේ ප්‍රතිශතය වැනි කරුණු මත මෙවර අයවැය මීට මාස කිහිපයකට පෙර බලාපොරොත්තු වුවාට වඩා වෙනසක් දැකිය හැකි බවද Deloitte Access Economics පෙන්වා දෙයි.
මෙවර අයවැයෙන් ඩොලර් බිලියන 1.7 ක ළමා ආරක්ෂණ පැකේජයක්
ප්‍රකාශයට පත්කිරීමට යෝජිත මෙවර අයවැය සඳහා ඩොලර් බිලියන 1.7 ක ළමා ආරක්ෂණ පැකේජයක් ඇතුලත් වන අතර, දෙමාපියන් පුර්ණකාලීනව රැකියා සඳහා යොමු කොට ඕස්ට්‍රේලියානු ශ්‍රම බලකාය වර්ධනය කිරීම එහි අරමුණයි.
මෙම පැකේජය මගින් ප්‍රධාන වශයෙන් ඩොලර් 130,000 හෝ ඊට අඩු ආදායමක් උපයන අඩු හා මධ්‍යම ආදායම්ලාභී පවුල් ඉලක්ක කරන බව ඔස්ට්‍ර්ලියානු භාණ්ඩාගාරික Josh Frydenberg සඳහන් කොට සිටී. මේ අනුව වයස අවුරුදු පහ සහ ඊට අඩු දරුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින පවුල් සඳහා ළමාරක්ෂක සහනාධාරය 95% උපරිමයකට යටත්ව ලබාදීමට නියමිතව තිබේ.
ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා වැඩි දුරටත් සඳහන් කොට සිටින්නේ මෙය ඕස්ට්‍රේලියානු ආර්ථිකය ශක්තිමත් කිරීම සහ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා සිදු කරන ආයෝජනයක් බවයි.
කෙසේ නමුත් තම ළමා සුරැකුම් ප්‍රතිපත්තිය විසින්ම නිර්මාණය කර ඇති ගැටලු විසඳීමට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක Anthony Albanese සඳහන් කොට සිටී.
ඔහු පෙන්වා දෙන්නේ, පසුගිය වසරේදී තම පක්ෂය ලාභදායී ළමාරක්ෂක ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී මධ්‍යම රජය මගින් නොමැති බවට සඳහන් කල ගැටලු මේ වනවිට පවතින බවට සඳහන් කොට ඇති බවයි.
එමෙන්ම සංවර්ධිත ලෝකයේ මිල අධික ළමා සුරැකුම් තත්වයක් කරා මේ වනවිට ඔස්ට්‍රේලියාව ලඟා වී ඇති අතර එම වියදම් වැඩි වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය පිළිගෙන නොමැති බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටී.
ටස්මෙනියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිපල සඳහා තවත් දින කිහිපයක්
පසුගිය සෙනසුරාදා ටස්මේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණයේ අවසන් ප්‍රතිපල සඳහා තවත් යම් කාලයක් ගතවනු ඇති බවට වාර්තා වේ.
ඊයේ දහවල් වනවිට 80%ක පමණ ප්‍රතිශතයක පමණ ඡන්ද ගණන් කිරීම සිදු කොට ඇති අතර එම ප්‍රතිපල මත ලිබරල් පක්ෂය ඉදිරියෙන් පසු වේ.
කම්කරු පක්ෂය ආසන 8ක් සහ ග්‍රීන්ස් පක්ෂය ආසන 2ක් ලබාගෙන තිබේ.
සාමාජිකයන් 25 දෙනෙකුගෙන් යුත් පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ලබාගැනීම සඳහා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Peter Gutwein හට ආසන 13ක් ලබාගත යුතු වේ.
මෙවර මැතිවරණය තුල පූර්ව ඡන්ද විමසීම් සහ තැපැල් ඡන්ද විමසීම් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Lockdown නොයන ඉන්දියාවෙන් අඛණ්ඩව දින 11ක් පුරා, දිනකට ආසාදිතයින් ලක්ෂ 3ක්
ඊයේ දිනයේදී ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සන්ක්‍යවේ යම් අඩුවක් පවතින නමුත් එරට සෞඛ්‍ය අංශය දැඩි පීඩනයකට පත්ව තිබේ.
පසුගිය පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 400,000 කට වඩා අඩු සංක්‍යාවක් වාර්තා වුවද රට ජාතික වශයෙන් Lokcdown තත්වයක් කරා යාමට පසුබට වී තිබේ. කෙසේ නමුත් රටතුල කොරෝනා මරණ සංක්‍යාව 215,000 ඉක්මවීමත් සමග ඇතැම් ප්‍රාන්ත සඳහා සීමා පනවා ඇතැයි වාර්තා වේ.
නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Chen Hong සඳහන් කොට සිටින්නේ පොදු සතුරෙකු වී ඇති කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා තම රට ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බවයි
ඉන්දියාවේ දිනකදී වාර්තා වන ආසාදිතයින් සංක්‍යාව අඛණ්ඩව දින 11ක් තිස්සේ 300,000කට වඩා ඉහල මට්ටමේ පවතී.
රුසියාවෙන් එල්ල වන තර්ජන වලට මුහුණ දීමට G7 සමුළුවෙන් සැලසුම්
රුසියාවෙන් එල්ල වන සාවද්‍ය තොරතුරු තර්ජන හමුවේ එක්සත් ජනපදය වැනි සගයන් සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට G7 සමුළුව අවස්ථාවක් බව එක්සත් රාජධානිය පවසයි.
ධනවත් රටවල් හතක කණ්ඩායම ලන්ඩනයේ පැවැත්වෙන පුද්ගල රැස්වීම ඔස්සේ රුසියාව සිදු කරන ප්‍රචාරණ සහ සාවද්‍ය තොරතුරු සඳහා නිල ප්‍රතිචාර දැක්වීමට සැලසුම් සකස් කෙරේ.
මේ සඳහා ශක්තිමත් ගෝලීය සහයෝගීතාවයක් අවශ්‍ය වන අතර එවැන්නක් කල හැකි බවට කොරෝනා වෛරසය ඔප්පු කොට ඇති බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් Dominic Raab සඳහන් කොට සිටී.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟයේ සිව් වන දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව ඉදිරියෙන්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාන්ගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වැනි දිනය නිමාවන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 177ක් ලබා සිටී.
තරඟය ජයගැනීම සඳහා ලකුණු 437ක ඉලක්කයක් හඹා යෑමට බංග්ලාදේශ කණ්ඩායමට සිදුවී තිබේ.
බංග්ලාදේශ ඉනිමේ කඩුලු 05න් තුනක්ම රමේෂ් මෙන්ඩිස් විසින් දවාගත් අතර ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකක් හිමිකර ගැනීමට සමත් තිබේ.
තරඟයේ සිව් වන දිනය වූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කොට තිබේ.

