SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා 20-20 නව නායකයත්වය තිසර පෙරේරාට.

Thisara Perera named ODI and T20 captain
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා 20-20 නව නායකයා ලෙස තිසර පෙරේරා පත්කර තිබේ.

ඒ අනුව ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින හා 20 -20 තරගාවලි සඳහා තිසර පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ඔහු මීට පෙර පැවැති පාකිස්තාන 20-20 තරගාවලියේ නායකයා ලෙසද කටයුතු කළේය.

28 හැවිරිදි තිසර පෙරේරා එක්දින ක්‍රිකට් නායකත්වයට පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකයා ලෙස උපුල් තරංග කටයුතු කළේය.

උපුල් තරංග නායකත්වයෙන් ඉවත් කරනු ලැබුවේ කණ්ඩායමට ඔහුගෙන් වැඩි දායකත්වයක් ලබාගැනීම සඳහා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව තමන් කණ්ඩායම සහ රට වෙනුවෙන් උපරිමය ලබා දෙන බව තිසර පෙරේරා ප්‍රකාශ කළේය.

Sri Lanka Cricket ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now