SKIP TO MAIN CONTENT

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල දහස් ගණනක් වැසියන් ස්වයං නිරෝධායනයට ලක් කෙරේ

Registered Nurse Oli Meeta conducts a COVID-19 swab test at Bondi in Sydney
Registered Nurse Oli Meeta conducts a COVID-19 swab test at Bondi in Sydney Source: Getty

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල දහස් ගණනක් වැසියන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

එම ප්‍රාන්ත දෙකෙහි හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

බටහිර සිඩ්නි හි Berala උප නගරයේ මත්පැන් අලෙවි සැලක් නත්තල් සමයේ කොරෝනා ආසාදිතයෙකු නිසා දින 10 ක් වයිරසයට නිරාවරණය වූ ස්ථානයක් ලෙස නිව් සවුත් වේල්ස් බලධාරීහු නම් කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් 22 සිට දෙසැම්බර් 31 වන දින තෙක් අදාළ මත්පැන් අලෙවි සැලට ගිය පුද්ගලයින් සිටී නම් ඔවුන්ට වහාම ස්වයං නිරෝධායනය වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීහු දැනුම් දෙති.

මේ අතර මෙල්බර්න් bayside  උප නගරයේ Black Rock අවන්හල ආශ්‍රිතව මතුවී ඇති කොරෝනා පොකුරට සම්බන්ධ 2500 කට අධික පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

මෙම කොරෝනා පොකුරු සම්බන්ධයෙන් වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස්  ප්‍රාන්ත ද්විත්වයේ බලධාරීන්ගේ ඉක්මන් ප්‍රතිචාරය සහ ආශ්‍රිතයින් සොයා ගැනීම පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සිය ප්‍රශංසාව පළ කර සිටියේය.

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් ලබා දීමේ සැලැස්ම නියමිත කාලයට වඩා ඉදිරියෙන් ඇති නමුත් කිසිදු කොරෝනා එන්නතක් තවමත් අනුමත කර නොමැති බවද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now